Sunday, May 26, 2019

නිල් උපුලී මල් කැකුළී

නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී
මාගේ හිතේ
සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ ....//
නිල් උපුලී මල් කැකුළී

මා ජීවිතේ
සංවේදනා
පාවීලා යාවී
මල් මී වෑහේවී ...//
ආරාධනා මට පෑවාදෝ
දෑසින් කියා පෙම් සුවේ

නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී
මාගේ හිතේ
සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ
නිල් උපුලී මල් කැකුළී

මාගේ ළයේ
පෙම් කල්පනා
නෑවීලා යාවී
ඉන් මා සෑහේවී ....//
ආයාචනා ඉඟි පෑවාදෝ
පෑහෙන්න මේ මල් ලොවේ

නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී
මාගේ හිතේ
සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ ....//
නිල් උපුලී මල් කැකුළී

ගායනය - කීර්ති පැස්කුවල්
පද - හේමසිරි හල්පිට
තනුව - පද්මසිරි පැස්කුවල්

මුල් ගීය


නව ගායනයක්

No comments: