Sunday, May 26, 2019

මල් කෙමියේ මධු රස වෑහේ

මල් කෙමියේ මධු රස වෑහේ
යෞවනයේ මල් වසන්තයේ
වසන්තයේ

රඟා වයා අපි සැනසෙමු නැළවෙමු
සමනල රෑනක් සේ
සමනල රෑනක් සේ

සීගිරියේ සිතුවමක් වගේ
හදවත කිම ගොළුවෙලා ඔබේ ......//
නැවුම් හැඟුම් සඟවන්න එපා යෞවන වසන්තයේ
යෞවන වසන්තයේ

රඟා වයා අපි සැනසෙමු නැළවෙමු
සමනල රෑනක් සේ
සමනල රෑනක් සේ

නීල නුවන් රතුවෙලා ඔබේ
ළයේ සුසුම් සැඟවිලා වගේ ....//
මිය ගිය ඊයෙට අඬනු එපා මේ යෞවන වසන්තයේ
යෞවන වසන්තයේ

මල් කෙමියේ මධු රස වෑහේ
යෞවනයේ මල් වසන්තයේ
වසන්තයේ

රඟා වයා අපි සැනසෙමු නැළවෙමු
සමනල රෑනක් සේ
සමනල රෑනක් සේ ////.

ගායනය - කීර්ති පැස්කුවල්
පද - නයෝමි වීරසිංහ
තනුව - නවරත්න ගමගේ

No comments: