Sunday, May 26, 2019

සාප නොකරමි


සාප නොකරමි සිතින් කිසිදා
දුරස් වී ඇයි ඔබ මගෙන්
පෙමින් මා විඳි නිරානන්දය
දුරස් වී ඇයි මා කෙරෙන් ......//

ඉරිතලා ගිය හද තලාවේ
පිය නඟා යයි නුඹේ මිරිවැඩි ...//
බොල් හඬින් සිත පියලි බිඳිලා
නොහිමි සුවයකි නුඹ ලබන්නේ

සාප නොකරමි සිතින් කිසිදා
දුරස් වී ඇයි ඔබ මගෙන්
පෙමින් මා විඳි නිරානන්දය
දුරස් වී ඇයි මා කෙරෙන්

සිත දවාලන යටගියාවේ
අවුළුවාලමි මගේ සිතිවිලි ...//
ලද දෙයින් මා නුඹේ ඇසුරේ
මගේ අතු බිම එළිය වෙන්නේ

සාප නොකරමි සිතින් කිසිදා
දුරස් වී ඇයි ඔබ මගෙන්
පෙමින් මා විඳි නිරානන්දය
දුරස් වී ඇයි මා කෙරෙන්

ගායනය - කීර්ති පැස්කුවල්
පද - සිසිර දිසානායක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: