Sunday, May 26, 2019

තරු දහසක් පායන රෑ

තරු දහසක් පායන රෑ අඳුරු වුණාදෝ
පෙමින් බැඳුණු හිත කෙලෙසක නපුරු වුණාදෝ ....//
මට හතුරු වුණාදෝ

නොපිපි කුසුම පුබුදන්නට හැකිය ආදරෙන්
පිපුණු කුසුම් පරවෙන්නෙත් හිත අනාදරෙන්
සඳෙන් සිසිල හිරු උණුසුම දෙන අහස් තලෙන්
තරු බිඳුවක ආදරයෙන් ඵලක් නෑ ඉතින්
මට ඵලක් නෑ ඉතින්

පෙමක සුවඳ විඳගනු බෑ දුරස්වූ සිතින්
පවසක් සංසිඳවනු බෑ තුෂර බිඳුවකින්
කඳුළු බිඳක් නොමැති නෙතින් වැළපුණත් ඉතින්
ආදරයට අනුකම්පා මට එපා ඉතින්
යළි මට එපා ඉතින්6

තරු දහසක් පායන රෑ අඳුරු වුණාදෝ
පෙමින් බැඳුණු හිත කෙලෙසක නපුරු වුණාදෝ ....//
මට හතුරු වුණාදෝ ////.

ගායනය - කීර්ති පැස්කුවල්
පද - හේමසිරි හල්පිට
තනුව - මහින්ද බණ්ඩාර

No comments: