Sunday, May 26, 2019

සැන්දෑවේ හමුවීලා

සැන්දෑවේ
හමුවීලා ඒ සුන්දර යාමේ
ළංවීලා
මට පෑව ඒ පෙම් කතාවේ
වෙන්වීලා
සමුගන්නදෝ නාවෙ ආයේ
මට පෑව ඒ ආදරෙන් //

රෑ අඳුරු යාමේ
තරු රෑන පාවේ
සඳ මෝදු වී සීතලේ
අප තනිවු මොහොතේ
මතකයි දෙඩූ දේ
සිහිනෙන් වගේ ඒ පැයේ
රෑ අඳුර මැකිලා
හිරු රැස් උදාවේ
මා උමතු වේ පාළුවේ

සැන්දෑවේ
හමුවීලා ඒ සුන්දර යාමේ
ළංවීලා
මට පෑව ඒ පෙම් කතාවේ
වෙන්වීලා
සමුගන්නදෝ නාවෙ ආයේ
මට පෑව ඒ ආදරෙන් //

අඩ අඳුරෙ රඟනා
පෙම් යුවල දිලෙනා
මා ගයන මේ සාදයේ
අප රඟපු වාරේ
අප ගයපු තාලේ
සිහිවෙයි මගේ මතකයේ
රෑ අඳුර මැකිලා
හිරු රැස් උදාවේ
මා උමතු වේ පාළුවේ

සැන්දෑවේ
සැන්දෑවේ ඒ සුන්දර යාමේ
ළංවීලා
මට පෑව ඒ පෙම් කතාවේ
වෙන්වීලා
සමුගන්නදෝ නාවෙ ආයේ
මට පෑව ඒ ආදරෙන් /////.

ගායනය - කීර්ති පැස්කුවල්
පද - ජගත් කුලසිංහ
තනුව - ජගත් කුලසිංහ

No comments: