Sunday, May 26, 2019

වරුසාවේ වලාකුල් සලාලා

වරුසාවේ වලාකුල් සලාලා
වරු ගාණක් වැටීයන් හඬාලා
සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ
පිළිසඳරේ නිමා නෑ අපේ ....//

ගිම්හානේ අපේ පෙම් කතාවේ
නිමවාලා උදාවූ වෙලාවේ

අප ඈතින් නොලා
එක මොහොතක් බලා
මෙහි පිවිසෙන්න පිණි මාරුතේ ...//

වරුසාවේ වලාකුල් සලාලා
වරු ගාණක් වැටීයන් හඬාලා
සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ
පිළිසඳරේ නිමා නෑ අපේ

හමුවූ දා බොහෝ කල් ගෙවාලා
සමුගන්නේ කෙසේ දැයි සිතාලා

උඩ අහසින්  වලා
ඇය මා ළඟ තබා
වැහි අතුරන්න මුළු මාවතේ ...//

වරුසාවේ වලාකුල් සලාලා
වරු ගාණක් වැටීයන් හඬාලා
සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ
පිළිසඳරේ නිමා නෑ අපේ

ගායනය - කීර්ති පැස්කුවල්
පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව - රංජිත් පෙරේරා

No comments: