Friday, May 3, 2019

පෙම් රාජ්‍යයේ

පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
ආසිරිවාදයේ කෝකිල ගී රාවේ ....//

ඇලේ දොලේ විලේ ජලේ ප්‍රේමේ අපේ //

ප්‍රේමේ අපේ
හෝ...
සේයා පෙනේ
හෝ...
ප්‍රේමේ අපේ
හෝ...
සේයා පෙනේ

මතු ජීවිතේ
සෝබන මාවතේ
පෙර නිමිතී තිබේ
පෙම් අභිෂේකේ මේ

පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
ආසිරිවාදයේ කෝකිල ගී රාවේ

තරු ආකාසේ
දිලිසෙනවා සේ ...//

ප්‍රේම සිනාවේ
කෝමලතාවේ ....//

චන්ද්‍රා මන්ද නාවෙ තාම පායලා
හෝ..
නාවෙ පායලා
චන්ද්‍රා මන්ද නාවෙ තාම පායලා
හෝ..
නාවෙ පායලා

පෙම් ඊලයේ
පැද්දෙමු මේ රැයේ
ආලය මා ළයේ
ශාන්තිය සාදා දේ

පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
ආසිරිවාදයේ කෝකිල ගී රාවේ

අපේ කුලේ ප්‍රේම කුලේ බාධා නසා
අපේ කුලේ ප්‍රේම කුලේ බාධා නසා
බාධා නසා හෝ ප්‍රේමේ දිනා //

පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
ආසිරිවාදයේ කෝකිල ගී රාවේ ...//

වස්තුව මාගේ
මියුලැසි වාගේ ...//
ප්‍රේම තොටිල්ලේ ප්‍රීති වුණාවේ //

රම්‍යා සෞම්ය කාන්ති ප්‍රේම සාගරේ
හෝ ප්‍රේම සාගරේ
රම්යා සෞම්ය කාන්ති ප්‍රේම සාගරේ
හෝ ප්‍රේම සාගරේ

පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
ආසිරිවාදයේ කෝකිල ගී රාවේ

ගායනය - ලතා වල්පොල මග ධර්මදාස වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්.එස්. වේදා
චිත්‍රපටිය - ඩිංගිරි මැණිකා (1956)
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගනු ලැබූවකි.


No comments: