Sunday, May 5, 2019

සසරේ මෙ ප්‍රේමේ

සසරේ මෙ ප්‍රේමේ කාන්තාරෙහී //
මැද තනිවී කිසී ආධාරේ නැතේ //
ඔබ වේ අනුප්රාණේ

ගැඹුරේ මෙ ප්‍රේමේ මහ සාගරේ //
මැද තනියේ හෙළා මා ගියෙ ඇයි ප්රියේ //
ද මේ සෝක දීලා

අමු සොහොන සේ ලෝකේ සැම පාළු වීලා //
අම ප්‍රේමේ සැපතා මේ උරුමා නොවීලා //
ඔබ හැර මා හට කාගේ පිහිටා

රුදු මේ සමාජෙහි කුල මානෙ පාලා //
බැඳි ප්‍රේමේ අපගේ මේ වනසා දමාලා //
හැරදා ගියේ ඇයි ද මාගේ ප්රේමා

සසරේ මෙ ප්‍රේමේ කාන්තාරෙහී
ගැඹුරේ මෙ ප්‍රේමේ මහ සාගරේ
මැද තනියේ හෙළා මා ගියෙ ඇයි ප්රියේ //
ඔබ වේ අනුප්රාණේ
සසරේ මෙ ප්‍රේමේ කාන්තාරෙහී

ගායනය - ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල
පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි

1956 දී තිරගත වූ "රම්‍යලතා" චිත්‍රපටියෙන්

No comments: