Thursday, August 8, 2019

රෑහි රංචු හඬ අහලා


රෑහි රංචු හඬ අහලා හැන්දෑවට තරු බලන්න
බකිනි ගහේ ඉඟි කරනා කලාමැදිරි මල් ගණින්න
ඉස්සර වගෙ ගොම්මනේට අම්මා එන මඟ බලන්න
අක්කණ්ඩී ....
ඉඳි වැට ගාවට යමුද හිනා මල් මවන්න

කුප්පි ලාම්පුවෙ එළියෙන් බිත්තියෙ හෙවණැලි අඳින්න
ඉරටු ඉලක්කම් ගැණලා පුංචි කතන්දර අහන්න
කෝම්පිට්ටු ගෙදර ඉඳන් සණ්ඩු වෙවී ඇද කරන්න
අක්කණ්ඩී ....
ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න

හැන්දෑවට හඳ එළියේ සාරි පොඩිත්තක් අඳින්න
හීතලේට නිදි පැදුරේ තුරුළු වෙලා නිදාගන්න
ලියදි උඩින් පියමං කොට දං වාරෙට දං කඩන්න
අක්කණ්ඩී ....
ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න


ගායනය - නීලා වික්‍රමසිංහ
පද - ප්‍රියානන්ද විජේසුන්දර

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

 

2 comments:

Anonymous said...

Sir, හරිම ලස්සන සින්දුවක්. අද මේවා කෝ. මෙහෙම ඒවා තියනවද කියලවත් දන්නේ නෑ. Sir කරන්නා වූ මේ කාර්යය ඉතා උතුම්. ඔබ‍ට පිං sir.
මේ සින්දු අහනවිට මට මගේ පොඩිකාලේ මතක් වෙනවා sir. අපේ අම්මා ඉස්ස්කොලේ ඇරිලා ගෙදර ආවම අපි කරන්නේ ඒ සාරීය අදින එක ඇදලා නටන එක. ඒ කාලේ හරිම සුන්දරයි sir. අපි ඕවා වින්දට අපේ ළමයිට කෝ ඒ සතුට. කරුමක්කාර ජීවිත අපි අපේ දරුවන්ට උරුම කරලා දීල තියෙන්නේ. අපේම දරුවෝ දවසක අපි සියළුම දෙමාපියන්ට වයිරකරාවී. 😭😭😭😭😭😭

Gee Arana ගී අරණ said...

⁣ඔබේ අදහස් දැක්වීම එක්ක, හිත මාවත් මගේ අතීතයට රැගෙන ගියා.
පිළිතුරු ලෙස කියන්න දාහක් දේ තිබුණත්, ඔබේ මේ අදහස් දැක්වීමට මා කිසිත් ප්‍රතිචාරයක් නොදැක්වූයේ, මේ අඩවියේ සුරකින ප්‍රතිපත්ති නිසා.
අද 2023 ජූලි මස 28 වැනිදා.
Anonymous ලෙස එන කවරෙකුට හෝ මා පිළිතුරු ලියන්නේ නෑ.
කැමතියි කතා කරන්න. ස්තුතියි අදහස් දැක්වීමට.
ඒත් නමකින් පෙනී සිටින්න.