Monday, May 25, 2020

අවපස අහසක


අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ ....//

මාවත අවහිර නිමවා
දළ රළ පෙළ සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ

දෝතක අසෙනිය ගවසා
ඔබ පෙර මඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ

දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ .....///

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


මෙය 1988 දී මල් වට්ටියක් කැසට් පටයතුළින් දොරට වැඩි ගීයකි. 1995 දී මියුරු ගී 2 - රන් මලක් සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, 2003 දී The best of Sunil 2 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: