Sunday, May 24, 2020

තිරය ඇරෙනවා


තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟ සුඟ නටවනවා ...//

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුණ දරුවෝ

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟ සුඟ නටවනවා

දෙපා සැළෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟ සුඟ නටවනවා

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - බණ්ඩාර ඇහැළියගොඩ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී මගේ සෙනෙහස කැසට් පටයටත් 1998 දී නව රිද්ම ගී 16 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

පැරණි ගීය

නව ගීය

No comments: