Tuesday, May 26, 2020

අරුණ උදාවේදෝ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා ගණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ ....//

මනුසත් උයනේ මුදු සිත් පරවී
හසරැල් ගිලිහී යයි
මිහි මව් තුරුලේ නොමිනිස් කතරේ
ගිනිදැල් මතුවී එයි
එද ගිනි නිවනා දිය දහරා
කවදාදෝ හමුවන්නේ
දයා මහිමේ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා ගණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ

කඳුළින් තැවෙනා දෙනුවන් හමුවේ
ලොව නෙත් අඳ වේ නම්
ළසොවින් දැවෙනා සුදනන් හමුවේ
දුදනන් සැනහේ නම්
මිනිසුන් නොවෙනා දෙරණක දෝ
අවසානය එළඹෙන්නේ
නිරා ගමනේ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා ගණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1989 දී නිම් තෙරක් කැසට් පටය තුළින් දොරට වැඩියා. 2001 දී නෑසෙන ගී රස 1 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: