Thursday, July 16, 2020

මේ දීපෙ සිංහලේ

ලලල්ල ලල්ල ලා
ලලල්ල ලල්ල ලා
ලලල්ල ලාල ලල්ල ලාල ලල්ල ලල්ල ලා

මේ දීපෙ සිංහලේ
අපේ සුරම්‍ය වූ
විනෝද ලෝකයේහි තුම් වු රංග මණ්ඩලේ

සංගීත ශාස්ත්‍රයේහි ඉතා සරූ
සංගීත ලෝකේහී ඉතා ගරූ ...//

ගැයුම් වැයුම් නැටුම් වලින් ඉතා ප්‍රසිද්ධ වූ
අපේ මෙ රම්‍ය දීපෙමයි උතුම්වූ සිංහලේ

මේ දීපෙ සිංහලේ
අපේ සුරම්‍ය වූ
විනෝද ලෝකයේහි තුම් වු රංග මණ්ඩලේ

මේ විනෝද ලෝකේ
නැතේ සැප යයි කියාලා
කීවේ කවුද අහෝ මේ
මේ විනෝද මේලාවෙ අපි සැමා
සෙල්ලම් පිටින්
ලෙල්ලම් වෙවී
පල්ලම් බහින්නේ සන්තෝසේ

පින්සාරවූ ලංකා දීපේ
තුම් සංගීතයේමයි විනෝදේ
සංගීතයේමයි විනෝදේ
සංගීතයේමයි විනෝදේ ....//

මනහාරයි ප්‍රියයි මෙහි වාසේ
සිරි සාරයි කෙතේහි විනෝදේ
මනහාරයි ප්‍රියයි මෙහි වාසේ
සිරි සාරයි කෙතේහි විනෝදේ

සංසාරෙහි දීර්ඝ වු මෙ මාර්ගේ
ගොළුබෙල්ලන් පිටින් යනු වාගේ
යන්නේ සෙමින් නොසිතාලා
යන්නේ කොහේදැයි කියාලා

පින්සාරවූ ලංකා දීපේ
තුම් සංගීතයේමයි විනෝදේ
සංගීතයේමයි විනෝදේ
සංගීතයේමයි විනෝදේ ....//

ගායනය - ස්වර්ණා අබේරත්න සමග එච්.ආර්. ජෝතිපාල
පද - සිරිල් පී. අබේරත්න
තනුව - ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගන්නට ඇතැයි අනුමාන කරමි. තොරතුරු සොයා වෙහෙසුණ නමුදු කිසිත් හමු නොවුණි.
සංගීතය - ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ "සුභද්‍රා" චිත්‍රපටියේ ගීයකි.



(දුර්වල ශ්‍රවන තත්වය ගැන කණගාටුයි.)

Song - Me Deepe Sinhale
Singers - Swarna Aberathna & H.R. Jothipala
Lyricist - Cyril p. Aberathna
Music - T.R. Papa
Movie - Subhadra (1960)

No comments: