Friday, July 17, 2020

නිහඬයි ගම්මානය සුන්දරයි

ආ හා හහ් ජහ්ක් ජහ්ක් ජහ්ක්

නිහඬයි ගම්මානය සුන්දරයි
මධුරයි රමණීයයි මන පිනයි .....//

ගොයමයි දොළ පහරයි කඳු පෙළයි
නගුලයි ගොවි රාළයි රජ කරයි ....//

ගැමියා රජ කිරුළට හිමිකරුයි //
(ඉඉ ඊඊ... ඉඉ ඊඊ... )
නිදහස අපට තියේ
ගොවියා නිරිඳු දැයේ
ගමටම ලොකු ලොක්කන් අපි තමයි

නිහඬයි ගම්මානය සුන්දරයි
මධුරයි රමණීයයි මන පිනයි

ජර බර දඩ බඩ ගොර හඬ දේ
අප්පගෙ මුත්තගෙ පාර ද මේ ...//
කරත්ත කබලක මොකද වදේ
නොගියොත් අයිනෙන් වැඩ වැරදේ

කවටකම් හරි නෑ මහ පාරේ
අයින හොඳ නෑ ළඳේ
(හ හහහ හා..) ....//

සුළඟ කන කන
තෙල් බී දිව යන
කාර් එක නම් හිස රදේ
(හ හහ හහ හා..) ...//

අලස ගොන් දෙන්නෙකි පෙරමුණේ
කොරෙකි උන් දක්කාගෙන යන්නේ
ජර මර දඩ බඩ මර හඬ නඟා

කරත්තයෙන් යන මිනිසුන් මෝඩයි
ගොඩයො මඩේම ඉන්නට සූරයි
කරත්තයෙන් යන මිනිසුන් මෝඩයි
ගොඩයො මඩේම ඉන්නට සූරයි

කබල් කාරෙක කැඩුණොත් මළා //
ගොඩේ අය හට නොවෙමු මුලා ////

ගායනය - ලතා වල්පොල සමග එච්.ආර්. ජෝතිපාල ඇතුළු පිරිස
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ස්වතන්ත්‍ර නිර්මාණයක් ද යන්න තහවුරු කර ගත නොහේ.
සංගීත අධ්‍යක්ෂණය - ආර්. මුත්තුසාමි
1961 දී තිරගතවූ "සිවිනීත ලාලනී" චිත්‍රපටියේ ගීයකි.



Song - Nihandai Gammanaya Sundarai
Singers - Latha Walpola & H,R. Jothipala
Lyricist - Chithrananda Abesekara
Music - R. Muttusamy
Movie - Suwineetha Lalani 1961

No comments: