Thursday, July 9, 2020

දෑස‍ෙ විමන් දොරින්

දෑස‍ෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොළු බසින්
පරෙවි රැජිණ ලෙසින්
ඔබ පියඹා ගොසින්

පැහැය සුවඳ ඇතී
සිහින් සුවඳ පෙතී
රේණු සැලෙන මුදු
පිපුණු මලක් බඳු

දෑස‍ෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොළු බසින්
පරෙවි රැජිණ ලෙසින්
ඔබ පියඹා ගොසින්

ඔබේ සළුවෙ වැදී
සිහිල් සුළං ඇදී
හෙමින් සැරේ එබී
මගේ සවන් සිඹී

දෑස‍ෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොළු බසින්
පරෙවි රැජිණ ලෙසින්
ඔබ පියඹා ගොසින්

මහද කුටිය පුරා
ඔබ සැරි සර සරා
බෙදයි මියුරු නුරා
ඉඳිමි පෙරුම් පුරා

දෑස‍ෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොළු බසින්
පරෙවි රැජිණ ලෙසින්
ඔබ පියඹා ගොසින්

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - පී.එල්.ඒ. සෝමපාල
1972 දී තිරගතවූ "ආදරේ හිතෙනව දැක්කම" චිත්‍රපටියේ ගීයකි.



Song - Dese Viman Dorin
Singer - H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Composer - P.L.A. Somapala
Movie - Adara Hithenawa Dekkama (1972)

No comments: