Thursday, July 9, 2020

ලස්සන දේවල් පෙනෙන්නේ

ලස්සන දේවල් පෙනෙන්නේ
ලස්සන දේවල් පෙනෙන්නේ
සීතල සුළං හමයි
ඇස් දෙක සතුටින් පිරෙන්නේ
නාඹර වයසෙ තමයි ....//

සිත මගෙ වෙනතක ඇදෙන්නේ
විදුලිය විලසයි දුවන්නේ
පිපුණු මලකි ළඟ තියෙන්නේ
දැක්කම ආදරෙ හිතෙන්නේ

ආදරේ හිතෙනවා දැක්කම ආදරේ
ආදරේ හිතෙනවා දැක්කම ආදරේ ....//

දහසක් සිතුවිලි මැවෙන්නේ
තරු මෙන් ආකාසේ
සිතු ලෙස පහදා කියන්නේ
කොයි කවදා කෙලෙසේ ....//

මොහොතක් නැත ඉඩ ලැබෙන්නේ
එනිසයි පුල පුල සිටින්නේ
නැවතත් ඔබටයි කියන්නේ
දැක්කම ආදරෙ හිතෙන්නේ

ආදරේ හිතෙනවා දැක්කම ආදරේ
ආදරේ හිතෙනවා දැක්කම ආදරේ ....//

ලස්සන දේවල් පෙනෙන්නේ
සීතල සුළං හමයි
ඇස් දෙක සතුටින් පිරෙන්නේ
නාඹර වයසෙ තමයි ....//

සිත මගෙ වෙනතක ඇදෙන්නේ
විදුලිය විලසයි දුවන්නේ
පිපුණු මලකි ළඟ තියෙන්නේ
දැක්කම ආදරෙ හිතෙන්නේ

ආදරේ හිතෙනවා දැක්කම ආදරේ
ආදරේ හිතෙනවා දැක්කම ආදරේ ....////

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ පිරිස
පද - කරුණාරත්න අබේසේකර
තනුව - පී.එල්.ඒ. සෝමපාල
1972 දී තිරගතවූ "ආදරේ හිතෙනව දැක්කම" චිත්‍රපටියේ ගීයකි.



Song - Lassana Dewal Penenne
Singer - H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Composer - P.L.A. Somapala
Movie - Adare Hithenawa Dekkama

No comments: