Wednesday, October 21, 2020

ගී අරණ "මුහුණු පොත"

ගී අරණ "මුහුණු පොත"
"ගී අරණ" සොඳුරු අඩවියට ආ ගිය ඔබ, සිත් සතුටින් අඩවියේ රැඳුණා නම්, ජීවිතයට වැදගත්වූ යමක් එකතු කර ගත්තා නම්, වෙසෙසින්ම "ගී අරණ" බ්ලොග් අඩවියෙන් සිංහල ගී පිළිබඳ ව ඔබේ මන දොල පහන් වී නම්, ගී පිපාසයට මේ අඩවිය කෙම් බිමක් වූවා නම්, එය සතුටට කාරණයකි.
එනමුදු පසුගිය වසරක පමණ කාලයේදී, මං පහරන්නන්, කොල්ලකරුවන්, සොරුන්, තක්කඩින් මෙන්ම විවිධාකාර අපතයින්, මේ අඩවියේ කළ නොහොබිනා, අවලම් හා නොසන්ඩාලකම් ද බොහෝය.
එනිසාම මේ අඩවියට ඇලුම් කරන ඔබට, යහපත් වූ හා තත්වයෙන් උසස් මෙහෙයක් කරන්නට චර්යා පද්ධතියේ හා ක්‍රියාකාරකම් වල ඇතැම් වෙනස්කම් කරන්නට සිදුව තිබේ.
මේ ඒ ගැන දැනුවත් කිරීමකි.
"ගී අරණ" බ්ලොග් අඩවිය ලිපිනය

විද්යුත් ලිපිනය Email 

"ගී අරණ" නමින් මෙතෙක් "මුහුණු පොත" ගිණුමක් තිබුණේ නැත. රුක්මන් නාඔටුන්න Rukman Naotunna යන මුහුණුපොත ගිණුමට අනුබද්ධව "ගී අරණ සමාජ පිටුවක් (Gee Arana Community page) ක්රියාත්මක විය.
මුහුණුපොත ගිණුම ලෙස වූයේ, Pinthaliya Song Data නමින් වූ මුහුණුපොත ගිණුමකි. මින් ඉදිරියට එම ගිණුම ප්‍රවර්ධනය නොකරන බවත්, එය "ගී අරණ" බ්ලොග් අඩවියේ කටයුතු හා සමග සෘජුව බද්ධ නොකරන බවත් මෙයින් දැනුම් දෙන්නෙමි.
තවද මෙතැන් සිට "ගී අරණ" මුහුණු පොත මෙසේ හඳුන්වාදෙමි.
ගිණුමේ නම - "ගී අරණ"

පින්තූරයේ දැක්වෙන්නේ "ගී අරණ" හා සබැඳි ආයතන වල නිල ලාංඡන හා අඩවි හිමිකාරිත්වයට අදාල අයවලුන් ය.


No comments: