Wednesday, October 28, 2020

ඕයේ ඔජායේ

ඕයේ...

ඕජායේ.....

විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
මහ කැලයේ වැද්දන් දැකගත්තා
වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා
ප්‍රීතියෙන්

ඕයේ ඔජායේ 
ඕයේ ඔජායේ ....////

දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනල්ලා
ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
මී පැණි පොවලා මුව ගෝණ මස් හදාලා
කෑමක් දීලා සංගීතයක් දමාලා
වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා
ප්‍රීතියෙන්

ඕයේ ඔජායේ 
ඕයේ ඔජායේ ....////

නායක වැද්දග‍ෙ දුව ගෝමරි හැඩකාරි
නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ
බැඳුණත් හිත මග‍ෙ කරගන්නට ඈ බාරී
මට බය හිතුණා ඈ හරි කටකාරී
ආසා හිතුණා ඈ කියූ ගී මිහිරී

නෑ කිසි භේදේ, සමගිය හා සහයෝගේ
වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ
නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ
ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ
තාමත් රැව්දෙයි වැදි ගී නාදේ
ඔජායේ

ඕයේ ඔජායේ 
ඕයේ ඔජායේ ....////

ඕයේ ඔජායේ 
ඕයේ ඔජායේ ....////

ඕයේ ඔජායේ 
ඕයේ ඔජායේ ....////

ගායනයෙන් ගායනයට ගීයේ අලංකාර කොටස් වෙනස් වන නිසා, එම අලංකාර පද වැලට ඇතුළත් කර නැත. 

ගායනය - ජිප්සීස් 
පද - හේමසිරි හල්පිට 
තනුව - Jimmy The Hoover 1983

1983 දී Jimmy The Hoover බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමේ ගීත දර්ශකයට ගිය ගීයක් වූ " Tantalise (Wo Wo Ee Yeh Yeh)" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ජිප්සීස් දෙරණ DELL Studio සඳහා ගැයූ ගීය, සුනිල් පෙරේරා මහතාගේ විග්‍රහයක් සමග


Jimmy The Hoover 1983 දී ගැයූ ගීය



Jimmy The Hoover 1983 දී ගැයූ ගීයේ වීඩියෝවක්



පසු කාලයක විශේෂ අවස්ථාවක Jimmy The Hoover ගැයූ එම ගීයේ වීඩියෝවක්

No comments: