Tuesday, April 13, 2021

සූර්ය මංගල්‍යයේ ගී 3

සිංහල අළුත් අවුරුද්දේ ආහාර අනුභවය, ගනුදෙනු කිරීම හා වැඩ ඇල්ලීම යන නැකතට කරන චාරිත්‍ර ටික අවසන් වුණාම, හරි සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. මෙතෙක් ඔළුවෙ තිබ්බ යම් බරක් ඉවත් වුණා වගේ. මොකද හැමෝම මේ චාරිත්‍ර වාරිත්‍ර නිසි විදියට කරන්න හිතේ තිබ්බ වැඩ සටහන දැන් බොහෝ දුරට නිමයි නෙ.

ඊළඟට තියෙන හිස තෙල් ගෑම හා ස්නානය යන චාරිත්‍රයට ටික කාලයක් තියෙනවා. ඒ වෙන තෙක් උදාවෙන්නෙ කෙළි සෙල්ලම් කාලයක්. ළමා ළපටි වගේම තරුණ පිරිස් ද මේ වකවානුවට හරිම ප්‍රියයි. ගමේ අය, නෑදෑයින්, යාළුවෝ මේ සේරම එක්ක ක්‍රීඩා කරන්න, අවුරුදු උත්සව වලට ගිහින් විනෝද වෙන්න, ජන ගී, ජන ක්‍රීඩා වල නියැලෙන්න, හා තවත් බොහෝ ආසාවන් නලියන වෙලාවක් මේක.

ඉතින් අන්න දේවල් ගැනයි, සූර්ය මංගල්‍යයේ ගී 3 වන කොටසින් බලාපොරොත්තු වෙන්නෙ

රට පුරා ජනතාවට විනෝදය, ආස්වාදය සමග අවුරුද්දේ සිරිය හා ක්‍රියාකාරකම් බෙදා හදා ගන්න, මාධ්‍ය ආයතන හැම එකක්ම විවිධ අන්දමින් ඔබ අතරට එනව. ඒ අතර හරි ලස්සන, මෙතෙක් අවුරුද්දට මාධ්‍ය අායතනයකින් බිහිවූ ඒ හිත් බැඳි ගීයයි මේ.

සිරිලක පිරි අවුරුදු සිරි මේ - ජාතික රෑපවාහිනියට ප්‍රණාමය...

හා... ආ... ආ.. ආ... ආ.. 
මේ අවුරුද්දේ .... කිරි ඉතිරෙන්ටයි
රට වැසියන්ගේ .... ආයු වැඩෙන්ටයි

ආ... ආහාආ.. ආ... ආහාආ..
ආ... ආහාආ.. ආ... ආහාආ..

රට පුරාම අවුරුදු සිරි මේං බලන් එරබදු මල්
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන
හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේං බලල්ලා
සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

ගමේ ගැටව් ගැටිස්සියන් ගම් මැද්දේ රංචු ගැසී
අවුරුදු ජන කෙළි අතරේ කරක් ගහන්ටා
ආච්චිගේ තාච්චියේ හැඩට නටන කොණ්ඩ කැවුම්
රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා

සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

හා... ආ... ආ ආ ආ.. 
හා... ආ... ආ ආ ආ.. 
හා... ආ... අඅඅ අඅඅ ආ..
හා... ආ... අඅඅ අඅඅ ආ..

අටු කොටු සරුවෙන්ටයි

අටු කොටු සරුවෙන්ටයි
දොම්නස් දුරුවෙන්ටයි
පහුගිය දොහේ අබර දබර දුරුවෙලාම යන්ටයි

සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

කුඹුක් ගහේ ඔන්චිල්ලේ නැඟෙනා වාරම් මැද්දේ
ආං බලන් ටිකිරි නඟා රන් ඔන්චිල්ලේ
එක නැකතේ වැඩ ඇල්ලේ මුළු ගමේම හරි සද්දේ
නැකැත් වෙලාවත් කිට්ටුයි වරෙව් ළමයිනේ

සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

ඕ ඕ.... ඕ.. ඕ.. ඕහෝ ඕහෝ..

සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක 
පිරි අවුරුදු සිරි මේ

ගායනය - රෝහණ බැද්දගේ, අමල් පෙරේරා, නෙලූ අධිකාරි, තීක්ෂණ අනුරාධ, සෂිකා නිසංසලා, රොමේෂ් සුගතපාල, ශානිකා මධුමාලි, අනුපමා උදේශ්, චලනි, ප්‍රියංවදා සහ තුෂාර

පද - ඩිලාන් ගමගේ
තනුව - උදේෂ් චින්තක

ඉහත ගීයේ වීඩියෝව - මේ වීඩියෝවේ පූර්ණ අයිතිය ජාතික රූපවාහිනිය සතුයි.



අවුරුදු කාලෙට මේ ගීය තරම් නිරතුරු දසතින් ඇහෙන වෙනත් ගීයක් නෑ. 

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

ආ හා... අඅඅ අඅඅ ආ....
ආ හා... අඅඅ අඅඅ ආ....

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

බා(න්) බා(න්) බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා(න්) බා(න්) බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

ආ හා... අඅඅ අඅඅ ආ.
ආ හා... අඅඅ අඅඅ ආ....

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

බා(න්) බා(න්) බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා(න්) බා(න්) බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසේ
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
අඅඅ අඅඅ ආ....

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
ඒ ඒ ඒ....

ආ හා... අඅඅ අඅඅ ආ.....
ආ හා... අඅඅ අඅඅ ආ.… /////.

ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය
ගී පද - ජයතිස්ස බොරළුගොඩ
සංගීතය - ලයනල් රන්වල


ගී අරණ ට සුදුසු අන්දමට සකස් කළත්, මේ වීඩියෝවේ අයිතිය රන්වල බලකාය සතු බව ඔවුනට කෘතවේදීව සඳහන් කරනවා.


අවුරුදු ප්‍රීතියෙන් ඇලලී ගිය මෙ සමයේ මෙහෙම තමයි උජාරුව.....
වීඩියෝවේ අයිතිය "චරණ" රූපවාහිනී නාලිකාව සතුයි. 

බක් මස ලත් මේෂය යන රැසටා
සක් රජ ලෙස දිව සළු ඇඳ සොඳටා //

නික්මා සිරි සලසා සව් සතටා
නික්මෙයි සූරිය දෙවි මේ ලොවටා //

දැරුව කිරුළ හිස සුවඳත් පතුරා
සළු අභරණ ඇඳ ගී නද පතුරා
සරුව පුසුඹ තවරා නෙක හසරා
මෙලොව පහළ වෙයි අවුරුදු කුමරා
මෙලොව පහළ වෙයි අවුරුදු කුමරා

පොරණ සිටන් අවුරුදු කිට්ටුවදි සව්සිරී
සරණ දනන් පවා ගොසින් කෙළිති නොව හිරී
පරණ ගැහැණු ගහන රබන් වලට නෑ පිරී
තරුණ කෙල්ලො රබන් ගහන කලට සුමිහිරී

එරන් පැටිසෙ තිසර ළමැද හැට්ටයෙන් වසා
අරුංගල් ද කනෙහි එල්ලා කූරු හිස ගසා

රබන් ගසන පියුම් පොඩි සෙ දෙමින් රස බසා
ඉලන්දාරි බලා හිඳිති කොමල අත් දිහා (හහ් හ'ං වැඩේමැයි..

ජරස් බරස් ගාන සරොම් ඇඳල සිත් ලෙසා
සරුත් නැතුව ඉලන්දාරි නටති රඟ බැසා
පොඩිච්චියන් පච්ච බැඳපු කූරු හිස ගසා
ළමිස්සියොත් බලා හිඳිති තරුණයන් දිහා (ආං..
ඉලන්දාරි බලා හිඳිති තරුණියන් දිහා

ගායනය - රන්වල බලකාය



මේ අස්සෙ මෙහෙම සන්තෑසියකුත් වුණාලු බොලං ...

පින්වන්ත ගැටව් හිර ගන්නට එයි ආරංචි වෙලා 
හොඳ රුව ගුණයෙන් පිරි කත පරදන්නේ රුව එතනා
 
සිරි විසිතුරු
පිරි පිවිතුරු
සුන්දරීගෙ කතා
හිස පොපියන
පියුම් විලට
ඇසෙන බඹර කතා

(සිනා)

ඔසරි පොටට බෝම දී සොබා
හැඩ වැඩ
නෙරිය බේරෙනා
දළදා හිමි පිහිට ලබා
පා සළඹෙහි නාද නගා
දිගු වරලෙහි මා පටලා
පා තබමින් නිතඹ සලා
ගත සිහිලෙන් මා නහවා
එනු මැණිකේ කෝල නොපා

ඔසරි පොටට බෝම දී සොබා
හැඩ වැඩ
නෙරිය බේරෙනා

කිරි වෙහෙරට
මල් පුද කොට
මෙහෙමම හැඩ රුව පැතුවා

ආ විඩේම අපෙ ගම සරසාවී
ආ ගමේම අය මඟුලට ඒවී

කොච්චොලු කට
බහ දෙන කොට
කුරහන් රත මම දුටුවා

කළු දොදොලක
තෙල් හුළඟට
දොහොකදි අපි කිරි කනවා

පේන පේන අහ ගොඩ මඩ හාවී
අසිරි පානෙ මුළු රටටම පාවී
ආව දාට මහ ගෙයි මහදේවී
නෝන වගේ කවි පද ගලපාවී

මේ වාගෙ තවත් කිරි කෝඩු ගැටව්
කර මාල හදන් මෙහෙ ඒඤ්ඤයි

රන් පෝරු තනන්
පාවාඩ එලන්
මනමාල කුරුල්ලකු ඒඤ්ඤයි

ආලය ලියලාලූ
වාරකනෙත් මාලූ
ලැබුණොත් නුඹ යාළූ
ගමකට දෙමි මාලූ

සන්තානම් ගියාදෝ
හුරතලි බහ ලැබේදෝ
සියුමැලි පියදරී අගේ
ගල්මල පිපුණා වගේ

මඩිය පිරුණු දා කහ බත් දේදෝ

සිරිපා වඳින්න සමනල අඩවියේ
පිහිටෙන් සුමන සමන් දෙවොලේ

දෙයියෝ සාදුවයි සබරගමුවෙම
නිල් වෛරෝඩි පාවඩ එළාලා
බෙර සක් හොරණෑ දවුල් මංගල හඬින්
ආවා නුඹේ මල්දම පතාලා

ආ තාලම් පහට වැහි වැහැලා (හේ බොල)
දූවිලි පුසුඹයි බැරි අම්බෝ

(හෝයි යෝ... හේහ්)

තොඹ තොඹ තොඹ ගොබ සීනතු
තොඹ තොඹ
තොඹ තොඹ තොඹ ගොබ සීනතු

ඌයල වැලෙන් බැඳි කොණ්ඩේ
ලෙහුණාම ලස්සණ බැරි අම්බෝ (හ්අම්බෝ)
රවුමේ නටමූ අපි දෙන්නා
මාමිනි මාමිනි මා දෙයියා
 
ගායනය - රන්වල බලකාය සමගින් ...
සහන් රන්වල, බන්දුල විජේවීර, ප්‍රදීප් මුතුකුඩආරච්චිජනනාත් වරකාගොඩ, දිළුම් නිරංජ, දිලානි වික්‍රමසිංහ සහ සමන් ලෙනින්

පද - ජයතිස්ස බොරළුගොඩ, ගීත් තරංග, ධම්මික හෙට්ටිආරච්චි, සිසිර දිසානායක සහ නුවන් කුමාර කටුගම්පල

නාද රටා - සහන් රන්වල, ප්‍රදීප් මුතුකුඩආරච්චි, ජනක හෙට්ටිආරච්චි

"අපේ අවුරුද්දට අපේ ගායනා" ඇල්බමයට නිර්මාණය වූ ගීයකි.



ඉහත ගීයේ වීඩියෝව - මේ වීඩියෝවේ අයිතිය රන්වල බලකාය සතුයි




සිංහල අවුරුදු සමයේ රන්වල බලකාය කාගෙත් ඉල්ලුම වෙනවා. මට මතකයි සහන් ම ඒක කියල තියෙනවා. සහන් රන්වල බලකාය නඟා හිටුවන්න දරණ වෑයම විශිෂ්ඨයි. මේ ගී එකතුවෙත් වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ සහන් රන්වල ප්‍රමුඛ වත්මන් රන්වල බලකායේ ගායනා.

ලයනල් රන්වලයන් අපේ ජන සංගීතය ගැන කරුණු හොයන්න, ඒ සංගීතය ඉහළට ඔසවා තබන්න ලොකු වෑයමක නිරත වුණා. අනේක දුක් ගැහැට විඳිමින් ගම් නියම් පීරමින් ජන ගී, ජන සංගීතය ගැන අක් මුල් හෙව්වා. 
මේ වරක් මෝණරාගල ප්‍රදේශයේ එවැනි ගවේෂණයක දි හොයාගත් ගායනයක් ඇසුරෙන් කළ නිර්මාණයක්.

වන්නම් සව්දම්

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

ඉහළු ගමින් කෝ (හොයි) වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ
පේරැස් මුදුවේ (හොයි) බලල්ලා
බලල්ලා දිස්නෙ නගෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤාං මම දෙඤ්ඤාං
කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤාං මම දෙඤ්ඤාං
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

ඉහළු ගමින් කෝ (හොයි) වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ
පේරැස් මුදුවේ (හොයි) බලල්ලා
බලල්ලා දිස්නෙ නගෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ( ) ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා (වන්නම් සව්දම් ගායන) ...//

මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ ...//

ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය (පිරිමි/ කාන්තා)
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ලයනල් රන්වල



ඉහත ගීයේ වීඩියෝව - මේ වීඩියෝවේ අයිතිය රන්වල බලකාය සතුයි



ළමා ළපටි වගේම තරුණ පිරිස්, අවුරුදු උත්සව වලට ගිහින් විනෝද වෙන්න, ජන ගී, ජන ක්‍රීඩා වල නියැලෙන්න, හා තවත් බොහෝ ආසාවන් ඉෂ්ඨ කරගන්න  නලිය   නලිය ඉන්න වෙලාවක් නෙ මේක. එවැනි අංග කිහිපයකට යොමු වෙමු.

එළුවන් කෑම (ප්‍රතිනිර්මාණයකි. සම්ප්‍රදායික පද වලින් මඳක් බැහැරව ගොස් තිබේ. වැඩි විස්තර

මේ වැල මොකදෝ (දම් වැල)
මේ වැල මොකදෝ (කිරි වැල)
මේ වැල මොකදෝ (ඉඳි වැල)
මේ වැල මොකදෝ (මදු වැල)

උඩින් පනිම් දෝ (තල්ල කැඩේ දෝ)
යටින් රිංගන් දෝ (තිඹොල් ඇනේ දෝ) ....//

කුරුළු කූඩු කූඩු දුටිම්

අපි දුටු කූඩුවක් නැතේ
ගිරා කූඩු කූඩු දුටිම්

අපි දුටු කූඩුවක් නැතේ

ලේන කූඩු කූඩු දුටිම්
අපි දුටු කූඩුවක් නැතේ
කවුඩු කූඩු කූඩු දුටිම්

අපි දුටු කූඩුවක් නැතේ

මේ පුටු කාගේ බණ්ඩාරේ
මේ ඇඳ කාගේ බණ්ඩාරේ

මේ බත් කාගේ බණ්ඩාරේ
මේ කැඳ කාගේ බණ්ඩාරේ

මේ පුටු ඉම් දෝ (ඉණ්ඩ නොදේ දෝ
මේ ඇඳ ඉම් දෝ (ඉණ්ඩ නොදේ දෝ
මේ බත් කම් දෝ (කණ්ඩ නොදේ දෝ
මේ කැඳ බොන් දෝ (බොන්ට නොදේ දෝ

එළුවන් කන්ටයි මං ආවේ
එළු බෙටි කාපන් තුන්තීරේ

සාවුන් කන්ටයි මං ආවේ
සා බෙටි කාපන් තුන්තීරේ

ගෝණුන් කන්ටයි මං ආවේ
ඒ බෙටි කාපන් තුන්තීරේ

මුවාන් කන්ටයි මං ආවේ
ඒ බෙටි කාපන් තුන්තීරේ

කොච්චි කොටන්නන් රළහාමි දෙනවද එළුවා
කොච්චේ කෙටුවත් තට නම් නොදෙනෙමි එළුවා
කැලේ දුවන්නම් රළහාමි දෙනවද එළුවා
කොච්චර දිව්වත් තට නම් නොදෙනෙමි එළුවා
හොඳට නටන්නම් රළහාමි දෙනවද එළුවා
කොච්චර නැටුවත් තට නම් නොදෙනෙමි එළුවා
මේන්න වැන්දා රළහාමි දෙනවද එළුවා
කොච්චර වැන්දත් තට නම් නොදෙනෙමි එළුවා

ගායනය - රන්වල ළමා බලකාය
එළුවන් කෑම ජන ක්‍රීඩාවේ ගායනා ඇසුරින්.




ඔළිඳ කෙළිය

මහින්ද කුමාර දළුපොත මහතා සමග සහන් රන්වල ගෙන එන විග්‍රහය හා රන්වල ළමා බලකායේ ගායනයක්

ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඹලිද තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දෙස‍ේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ

ඔළිඳ වැපුරුවද බලකොයි නෑනෝ
එක් පෙති වෙච්ච ද බලකොයි නෑනෝ
දෙපෙති වෙච්ච ද බලකොයි නෑනෝ
තුන්පෙති වෙච්ච ද බලකොයි නෑනෝ

දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන් කළූ
සේලෙ ඇඳලා නෙරිය තියාලා
මිදුලෙ සක්මන් කරයි කළූ

දහසක් දීලා වළලු තනාලා
දෑතේ අත ලා බලයි කළූ
දුනුකේ මල සේ උළුගෙයි ඇඳපිට
ඔළිඳ කෙළින සැටි බලන් කළූ

මගට කන්න තණ බත්මුල උයාගන්කො නෑනෝ
පුහුල් සමග කැකිරි ඇඹුල ද උයාගන්කො නෑනෝ
නා ගස යට සපු ගස ක(ප්)පාලා
ඔළිඳ පෝරුවක්
ඔළිඳ පෝරුවක් සොඳට සදාලා
ඔළිඳ පෝරුවක් සොඳට සදාලා
ඔළිඳ පෝරුවක් සොඳට සදාලා

ගායනය - රන්වල ළමා බලකාය
සම්ප්‍රදායික ජන ගායනා ඇසුරින්
(ඔළිඳ කෙළියේ ගායනා විවිධ ව තිබේ.)



පණ්ඩිත් අමරදේවයන් ගේ මේ ගායනයත් ඔළිඳ කෙළියේ ජන ගී ආශ්‍රයෙනි.

සිංහල අවුරුදු ආවා... ආ....වා..
ගම හිනැහී රස වෙනවා
යෞවනියෝ පේලි සැදීලා
නටති ගයති විනෝදෙනී

දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන් කලූ ...//

සේලේ ඇඳලා නෙරිය තියාලා //
මිදුලේ සක්මන් කරයි කලූ

දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන් කලූ

දහසක් දීලා වළලු තනාලා
දහසක් දීලා..........
හා අආ.... හා අආ ආ....
හඅඅඅ ආ

දහසක් දීලා වළලු තනාලා
දෑතේ අතලා බලයි කලූ ...//
දුනුකේ මල සේ 
හා අආ ආ....
දුනුකේ මල සේ
උළුගෙයි ඇඳපිට
ඔළිඳ කෙළින සැටි බලන් කලූ

දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන් කලූ ...//

සිංහල අවුරුදු......
ආවා... ආවා..

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - ඔළිඳ කෙළියේදී ගායනා වන ජන ගී ඇසුරිනි.



ඉවර නෑ හොඳේ ....
පොඩි විරාමයක් අරං එන්නම්. තව තියෙනවා 

මෙතෙක් ඉදිරිපත් කළ ගී සඳහා පිවිසුම

No comments: