Monday, June 28, 2021

මුනි ශ්‍රී දළදා

මුනි ශ්‍රී දළදා නමදිමු බැතිනා
මෝක්ෂේ ශ්‍රී පතා .....//

මෙම නිසරු සසරෙහී දුක නසනා
දුක නසනා
නිසරු සසරෙහී දුක නසනා
මෝක්ෂේ ශ්‍රී පතා
මෝක්ෂේ ශ්‍රී පතා

මුනි ශ්‍රී දළදා නමදිමු බැතිනා
මෝක්ෂේ ශ්‍රී පතා

පඬු රාජ මාලිගේ දඹදිවෙහී
දළදා ස්වාමී තෙද අනුබාවා
මිසදුටු පිරිසට
සංකා දුර හැර
වැඩම කර සිටිය කිණිහිරෙහී
මෝක්ෂේ ශ්‍රී පතා
මුනි ශ්‍රී දළදා නමදිමු බැතිනා
මෝක්ෂේ ශ්‍රී පතා

ආකාස කුසේ බුදු රැස් විහිදා
ප්‍රාතිහාර්යෙ පෑවෙ බුදු ගුණ හින්දා

මහ මුහුද මැදා
වැඩි මේ සමිඳා ...//

නා කැල දැක වැඳ පිදුවෙ එදා
මෝක්ෂේ
මෝක්ෂේ
මෝක්ෂේ ශ්‍රී පතා

මුනි ශ්‍රී දළදා නමදිමු බැතිනා
මෝක්ෂේ ශ්‍රී පතා

පහල වී සිරි ලකෙහී පින් කෙතට
වැඩ වසනා සෙංකඩගල නගරේ

තුන් සිත පහදා
මුදුනත සාදා ...//
සුගන්ධ පුෂ්පා එ කර පූජා
මෝක්ෂේ ශ්‍රී පතා

මුනි ශ්‍රී දළදා නමදිමු බැතිනා
මෝක්ෂේ ශ්‍රී පතා

ගායනය - රුක්මණී දේවි සමග එච්.ඩබ්. රූපසිංහ 1942
පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්
තනුව - කමල් දාස්ගුප්ත

1941 දී කමල් දාස්ගුප්ත නිර්මාණය කළ, "Mora Kusum Hoye" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



1941 දී කමල් දාස්ගුප්ත නිර්මාණය කළ, "Mora Kusum Hoye" යන ගීය

Mōrā kusuma haẏē kām̐di kuñjabanē
sundara śyāma hē
āmi maritē cāhi jhari' taba caraṇē
sundara śyāma hē.
Ōgō sundara śyāma hē..

Mōra kṣaṇika ē jībana niśi śēṣē
priẏa jha'rē yāba gō srōtē bhēsē'
bam̐dhu kāchē ēsē chum̐ẏō bhālabēsē
jāgāẏō prēma-madhu gōpana manē
sundara śyāma hē..

Taba sarasa paraśa diẏē manōhara
mōra ē tanu raṅē rasē pūrṇa karō
āmi tōmāra bukē rabō parama sukhē
jhariba priẏa, cāhi' taba naẏanē
sundara śyāma hē..

Mōra bidāẏa bēlā ghanāẏē āsē
mōra prāṇa kām̐dē milana-piẏāsē
ē'i biraha mama ōgō priẏatama,
miṭibē sē kōna śubha laganē,
sundara śyāma hē..

মোরা কুসুম হয়ে কাঁদি কুঞ্জবনে
সুন্দর শ্যাম হে
আমি মরিতে চাহি ঝরি' তব চরণে
সুন্দর শ্যাম হে।
ওগো সুন্দর শ্যাম হে।।

মোর ক্ষণিক এ জীবন নিশি শেষে
প্রিয় ঝ'রে যাব গো স্রোতে ভেসে'
বঁধু কাছে এসে ছুঁয়ো ভালবেসে
জাগায়ো প্রেম-মধু গোপন মনে
সুন্দর শ্যাম হে।।

তব সরস পরশ দিয়ে মনোহর
মোর এ তনু রঙে রসে পূর্ণ করো
আমি তোমার বুকে রবো পরম সুখে
ঝরিব প্রিয়, চাহি' তব নয়নে
সুন্দর শ্যাম হে।।

মোর বিদায় বেলা ঘনায়ে আসে
মোর প্রাণ কাঁদে মিলন-পিয়াসে
এই বিরহ মম ওগো প্রিয়তম,
মিটিবে সে কোন শুভ লগনে,
সুন্দর শ্যাম হে।।

Song - Mora kusum kandi kunjabane (1941)
Singers - Juthika Roy and Kamal Dasgupta
Lyricist - Kazi Nazrul Islam

No comments: