Sunday, September 19, 2021

පියාසලන ඉගිල්ලී

පියාසලන ඉගිල්ලී

පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ ඔබයි සුසුදු පරෙවි කිරිල්ලී

පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ ඔබයි සුසුදු පරෙවි කිරිල්ලී
පියාසලන ඉගිල්ලී
පියාසලන ඉගිල්ලී

සිනා හළන වෙලාවේ
රත්තරනේ සිත පිබිදෙයි
සඳ සෙ වලාවේ

සිනා හළන වෙලාවේ
රත්තරනේ හිත පිබිදෙයි
සඳ සෙ වලාවේ

නෙතේ කඳුළු පෙනීලා

මාස්ටර්....
මාස්ටර්....

රත්තරනේ...
නෙතේ කඳුළු පෙනීලා
රත්තරනේ ලේ වැගිරෙයි හද පෑරීලා

පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී

ඔබෙ වත මැලවිලා නම්
රත්තරනේ මගෙ දුක වාවමි ද කෙසේ මම්
හාආ ආඅආ...

ඔබෙ වත මැලවිලා නම්
රත්තරනේ මගෙ දුක වාවමි ද කෙසේ මම්
ඕ.. ඔඔ ඕ..
ඔබෙ වත මැලවිලා නම්
රත්තරනේ මගෙ දුක වාවමි ද කෙසේ මම්

ඇදී සුරත ගනිද්දී
රත්තරනේ මා මත් වී මිහිර පිරෙද්දී
ඇදී සුරත ගනිද්දී
රත්තරනේ මා මත් වී මිහිර පිරෙද්දී

පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී

දෑසෙ කැළුම කියන්නේ
රත්තරනේ කතාවකිය සුර දැරියන්නේ
දෑසෙ කැළුම කියන්නේ
රත්තරනේ කතාවකිය සුර දැරියන්නේ

උකුළු මුකුළු ලතාවයි
රත්තරනේ ඔබ මගෙ ජීවිතය සමානයි

උකුළු මුකුළු ලතාවයි
රත්තරනේ ඔබ මගෙ ජීවිතය සමානයි

පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී
රත්තරනේ පියාසලන ඉගිල්ලී

ගායනය - සුජාතා අත්තනායක සමග මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ආර්. මුත්තුසාමි

1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.


1 comment:

Unknown said...

me sinduwata base wechcha raage eka mokadda kiyanna kauruth dannawada