Sunday, September 19, 2021

මහ ඝණ වනන්තරේ

මහ ඝණ වනන්තරේ
ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ ....//

ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා

මම කුරුලු වෙසින් සොය සොය එමි පියඹලා

ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා
මම කුරුලු වෙසින් සොය සොය එමි පියඹලා

වණ මලක් වෙලා ජනිත වුණොත් එම කැලේ
මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ .....//

මහ ඝණ වනන්තරේ
ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ

ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා

ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා

ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා
ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා

දිය පාරක් වී බැස යන කල වන පෙතේ
මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ ....//

මහ ඝණ වනන්තරේ
ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ ....//

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි

1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.



ගීයේ සිනමා රූප රාමු. දුර්වල වීඩියෝවකි.

No comments: