Thursday, October 28, 2021

යුද්දෙටත් ඇවිත් පෘතුගීසි

හොහ් හො හොහ් හො හෝ...
හොහ් හො හොහ් හො හෝ...

යුද්දෙටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙසින් සමග ඉංග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ


යුද්දෙටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙසින් සමග ඉංග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ

තුංග වූ බලය හමුවේ
චෝලයින් පවා පැරදූ
ඒ තමයි අපේ
ඉතිහාසෙක කතන්දරේ


ආ... ආආආ....
ආආආ....
ආආආ....


කොන්ද නොනැමුවත් ජාතිය
දොන් ජුවන් වගේ රූකඩ

අන්දලයි කලින් කල මේ
රට යටත් කළේ

රට යටත් කළේ

නින්දගම් ඉඩම් පුදකර
නම්බු නාමයෙන් තුට කර
ගැත්තො බෝ කරන් සුද්දන්
රට යටත් කළේ


ගැත්තො බෝ කරන් සුද්දන්
රට යටත් කළේ
(ඕ ඔඕ ඕ ඕ....

යුද්දෙටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙසින් සමග ඉංග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ


තුංග වූ බලය හමුවේ
චෝලයින් පවා පැරදූ
ඒ තමයි අපේ
ඉතිහාසෙක කතන්දරේ

ආ... ආආආ....
ආආආ....
ආආආ...


සිංහලෙන් උගත් ඩොයිලිගෙ
කූට වූ උපා නොම දැන

ගිවිසුමක් එදා උඩරට
අත්සනුත් කළේ

අත්සනුත් කළේ

අන්තරා සියක් ආව ද
දේශයේ උතුම් නිදහස
දන්ත දා සමිඳු රැකදෙයි
රත්තරන් පුතේ

දන්ත දා සමිඳු රැකදෙයි
රත්තරන් පුතේ


යුද්දෙටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙසින් සමග ඉංග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ


තුංග වූ බලය හමුවේ
චෝලයින් පවා පැරදූ
ඒ තමයි අපේ
ඉතිහාසෙක කතන්දරේ


හොහ් හො හොහ් හො හෝ... ඔඔ ඕ...
හොහ් හො හොහ් හො හෝ... ඔඔ ඕ...


ගායනය - රන්වල බලකාය (ආත්මා, සහන් පිරිස පුරුෂ, පිරිස ස්ත්‍රී, පිරිස සැවොම)
පද - සුනිල් සරත් පෙරේරා
සංගීතය - සහන් රන්වල



මේ ගීයේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් දෙරණ රූපවාහිනී නාලිකාවෙන්.
මේ රූප රාමු වල පූර්ණ අයිතිය "දෙරණ" රූපවාහිනිය සතුවේ. අධ්‍යන කටයුත්තකට හැර අන් කවර ආකාර හෝ අන්දමක උපුටා පලකිරීම නොකළ යුතු බව තරයේ අවධාරණය කෙරේ.

No comments: