Tuesday, August 16, 2022

නාමෙ නොදිරනා කුණු කය දිරනා



නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ ...//

අරුමෙකි සෝභා සංසාරේ
අරුමෙකි සෝභා සංසාරේ
අරුමෙකි සෝභා සංසාරේ

නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ

ඒ සද්ධර්මේ දේය විස්‍තරින්‍
ශාන්‍ත ශ්‍රී මුනි රාජා
මුනි රාජා
ධර්ම රාජා
බුදු රාජා
අග්‍ර රාජා

නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ

අනිත්‍ය ධර්මේ සත්‍ය පහදනා
දෙසූ ලෙසින්‍ මුනි රාජා

මුනි රාජා
ධර්ම රාජා
බුදු රාජා
අග්‍ර රාජා

නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ

ලෞකික ලෝකේ සුන්‍දර භාවේ
ඥානෙන්‍ දන්‍නා සංසාරේ
පාප ක්‍රියා දුරලා ගුණ ධර්මේ
එක්වෙමු දෙසු සේ මුනි රාජා

මුනි රාජා
ධර්ම රාජා
බුදු රාජා
අග්‍ර රාජා

නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ

රූපේ දිරලා වැනසෙනා කාලේ
නාමේ සුදිලේ සංසාරේ
ආත්‍ම ලාභේ ලැබූ ඒ සියල්‍ලෝ //
දෙසූ ලෙසේ මා මුනි රාජා

මුනි රාජා
ධර්ම රාජා
බුදු රාජා
අග්‍ර රාජා

නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ

ගායනය - එ.එම්.යූ. රාජ්
පද - යූ.ඩී. පෙරේරා
තනුව - කමල් දාස්ගුප්ත

1942 දී ජුතිකා රෝයි ශිල්පිණිය ගැයූ Jare Papiha Piu Ke Desh යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

එ.එම්.යූ. රාජ් ගැයූ මුල් ගීය



එ.එම්.යූ. රාජ් පසු කාලෙක ගැයූ ගීයක්


ජුතිකා රෝයි ශිල්පිණිය ගැයූ Jare Papiha Piu Ke Desh යන ගීය


ස්‍වාධීන රූපවාහිනියේ "සංහිඳ" වැඩසටහනක කිත්සිරි ජයසේකර මෙලෙස ගැයුවා.

No comments: