Tuesday, January 2, 2024

දීර්ඝායු සිරි ලැබේවා


දීර්ඝායු සිරි ලැබේවා... (ආ.. ආආ.. ආආ..
සැප සෑදේවා දිනේවා (ආ.. ආ.. ආ... ආ....

ශුභ කාර බැඳී මේ දෙදෙනා ශ්‍රීනී දිනේවා .....
දිනේවා ...
දිනේවා ....

ශුභ කාර බැඳී මේ දෙදෙනා ශ්‍රීනී දිනේවා .....
දිනේවා ...
දිනේවා ....


ලෝ පාලනා වූ සුරණා... (ආ.. ආආ.. ආ... ආආ..
දිදී සරණා රකීවා (ආඅආ.... ආ.. ආ...


රෝ දුක් දුරලා පා කරුණා දෙදෙනා රකීවා ... රකීවා ...
රකීවා ...

රෝ දුක් දුරලා පා කරුණා දෙදෙනා රකීවා ...
රකීවා ...
රකීවා ...

වී ප්‍රේමේ යුවති පති මේ.... (ආ.. ආආ.. ආ... ආආ..
වී ප්‍රේමේ යුවති පති මේ
සමාදානෙන් වෙසේවා (ආ.. ආ.. ආ... ආඅආ....


නිති රන්රස සේ එක පණ සේ සැපසේ වෙසේවා..
වෙසේවා ...
වෙසේවා ....

නිති රන්රස සේ එක පණ සේ සැපසේ වෙසේවා..
වෙසේවා ...
වෙසේවා ....


ලෝ වාසි කරන ප්‍රීති.. (ඊ.. ඊ...
දහමේ පැහැදී වෙසේවා (ආ.. ආ.. ආ... ආඅආ....

සිහිනෙන් පමණක් පීඩා නොවී ලෝකේ වෙසේවා ....
වෙසේවා ...
වෙසේවා ....

සිහිනෙන් පමණක් පීඩා නොවී ලෝකේ වෙසේවා ....
වෙසේවා ...
වෙසේවා ....


ගායනය - රුක්මණී දේවි සහ කෝකිලදේවී වීරතුංග සමග එච්.ඩබ්. රූපසිංහ
පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්
සංගීතය - එච්.ඩබ්. රූපසිංහ

මේ ගීයේ තනුව ගැන ප්‍රමාණවත් සාක්ෂ්‍ය දැනට මා සතුව නැත. තහවුරු කර ගත් පසු ඉදිරිපත් කරමි.

"සිරි බුද්ධගයා විහාරේ" සහ "ශිල්ප සතර ලෝකේ" යන ගී යුගලය අඩංගු ගී තැටියෙන් පසු තැටියකට ගැයුණු රුක්මණී දේවී මහත්මියගේ තෙවන ගීය මෙයයි. එය සමග "සුභ සරණ වේවා වාසනා" යන ගීයද සමගින්, 'හිස් මාස්ටර්ස් වොයිස්' ලේබලය යටතේ "මංගල්‍ය ගී" යනුවෙන් තැටියක් නිකුත් වූවා.

No comments: