Tuesday, January 2, 2024

සුභ සරණ වේවා වාසනා



සරණ වේවා වාසනා
සුභ සරණ වේවා වාසනා

ප්‍රීතිමත් දිනේ මේ
පාමු ප්‍රීති රාවේ

සරණ වේවා වාසනා
සුභ සරණ වේවා වාසනා //

සාර සිරි ලැබේවා
සරණ බැඳි මේ යුවළටා ....//
ආයු ශ්‍රීය පතමු මේ

සුභ සරණ වේවා වාසනා
සුභ සරණ වේවා වාසනා

ඥාති මිත්‍ර ආදී
පිරිස සතුටු කරමිනා ....//
සැරද මැතිඳ මැතිනිගේ

සුභ සරණ වේවා වාසනා
සුභ සරණ වේවා වාසනා

ප්‍රේම දාමයේ බැඳී
සැමදාම සැපතිනා ....//
වාසවෙව්වා දෙදෙනාගේ

සුභ සරණ වෙව්වා වාසනා
සුභ සරණ වෙව්වා වාසනා

ගායනය - රුක්මණී දේවි සමග එච්.ඩබ්. රූපසිංහ
පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්
සංගීතය - එච්.ඩබ්. රූපසිංහ

රුක්මණී දේවි මහත්මිය "මංගල්‍ය ගී" තැටිය සඳහා ගැයූ ගී දෙකෙන් එක ගීයක් කලින් ඉදිරිපත් කළා. මේ අනෙක් ගීයයි.
තැටි අංකය HMV N. 9304

No comments: