Thursday, October 23, 2025

ඇගෙ ආදර ප්‍රේමේ



කරුණා ජලේ ගලනා..... 

තරුණියගේ... 

පොකුණෙකී හර්දේ...


ඇගෙ ආදර ප්‍රේමේ //

පොකුණෙහි මල පිබිදෙන්නා

ඇගෙ ආදර ප්‍රේමේ පොකුණෙහි මල පිබිදෙන්නා

සුළඟේ සෙලවෙන්නා //

ඇගෙ ආදර ප්‍රේමේ


හිරු දෙවි නැගේ සිනාව පා උදේ....

සුකුමාල ඈගේ හදවතේ පෙම් පැණී.. 

යතී උතුරා


දී ගුමු ගුමු නාදේ//

බඹරෝ රංචු ගැසීලා

දී ගුමු ගුමු නාදේ බඹරෝ රංචු ගැසීලා

මලෙ මල් පැණි බීලා //

දී ගුමු ගුමු නාදේ


එය දැකලා 

කඳුළු හළා 

සමුදුර රතුවෙලා සූර්යා ගිලෙන්නා

සමුදුර රතුවෙලා සූර්යා ගිලෙන්නා


මල පරවී හඬන්නා වන බඹරෝ හැර යනා


මල පරවී හඬන්නා වන බඹරෝ හැර යනා

ඈ නොපෙනී තනි වුණා ලොව සැම දේම නැතිවුණා //

හා ආ අ ආ...


ඇගෙ ආදර ප්‍රේමේ //

පොකුණෙහි මල පිබිදෙන්නා

ඇගෙ ආදර ප්‍රේමේ


ගායනය – රුක්මණී දේවි

ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා


1949 වසරේදී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.

තනුව හින්දි හෝ වෙනත් ඉන්දීය ගීයකිනි.



තනුව උපුටා ගැනුණේ කුමන ගීයකින් ද යන්න තවම සොයා ගැනීමට නොහැකි විය. තවදුරටත් පිරික්සමි.

No comments: