ඉන්නව නැතුව සද්ද
නුවර හුළං වැදිල ටිකක්
දත කට පියවෙලා වත් ද
දත කට පියවෙලා හැඩයි
එහෙම නැතුව කෝඩුවෙන් ද
නැත්නම් හබයක් වෙලා ද
කෝක වුනත් හරි ගැහෙන්ට
විරිදු ටිකක්වත් කියමු ද
කියමු ආල වඩන විරිදු
රතට රතයි එක තරමයි
ජෝඩුව නම් හරි කදිමයි
තකට තකයි හොඳට කැපෙයි
ඉර හඳ පායලා වගෙයි
ඉර හඳ පායලා වගෙයි
මහත්මයගෙ හිනහ පොඩ්ඩ
තුන් ලෝකෙට එළිය කරයි
ඒ වුන මුත් නෝනට නම්
ටිකක් තරහ ගොහින් හැඉයි
හැට හතරෙන් එකක් වගෙයි
තරහ ගියත් නෝනගෙ දැන්
සිනහ රැල්ල තොලේ ඇඳිල
නඳුනුයනේ මලක් වගේ
ඕං එනව පිපිල පිපිල
දැන්නම් හරි හැඩට පිපිල
ඕං මැණිකො හිනහ වෙනව
දෙන්නම දැන් එකතු වෙලා
යහතින් කල් ගතවේවා
දළදා හිමි පිහිට වෙලා
තුන් සරණෙත් පිහිට ලබා
සංසාරේ වසන තුරා
කිසි විට දුක් නොමවේවා
යස ඉසුරෙන් පිරි ඉතිරී
දිනෙන් දිනම ජය වේවා
ඕ.. මේන් කාසි අත පුරාම
නිවන් සැප ලැබේවා !
ගායනය - කේ. රාණි සමග ඩොමී ජයවර්ධන (චිත්‍රපටිය සඳහා ගැයුම)
පද - ආනන්ද සමරකෝන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියේ ගීයකි.
මේ ගීය තැටි සඳහා ගැයුවේ ඩොමී ජයවර්ධන සමග කෝකිලම් නම් ගායිකාව.
මෙන්න එම ගීය


No comments:
Post a Comment