ස්වාමී ඔබ මගෙ බුදුපියානේ
ස්වාමී ඔබ මගෙ බුදුපියානේ
ස්වාමී ඔබ මගෙ බුදුපියානේ
සත්තකමයි ඔබ පෙර ආත්මේහී
කුස රජ වී ඉපිද කුස නගරේහී
ඒ ප්රභාවතී දේවි නිසා ඒ
විඳි දුක අපමණ නේද පියේ
ස්වාමී ඔබ මගෙ බුදුපියානේ
ලෝ සතාටා ඒ ධර්මෙ කියා දී
සංසාරේහී සත සුචරිතෙහී
යොදවා අන්තේ නිර්වාණේහී
මාර්ගය පෙන්වූ මෑණියනේ
ස්වාමී ඔබ මගෙ බුදුපියානේ
මා සැමියට ඒ නිර්මල ධර්මේ
තෝරා දෙන්න වඩිනු මැන ස්වාමී
ජීවමාන වී වඩින්න ස්වාමී
ජීවමාන වී වඩින්න ස්වාමී
වඩින්න ඔබ මගෙ බුදුපියනී
ගායනය - ෆ්රෙක්සිඩ් ප්රනාන්දු
පද - සිරිසේන විමලවීර
සංගීතය - බී.එච්. ද සිල්වා
1951 දී තිරගතවූ "සීදේවි" චිත්රපටියේ ගීයකි.
තනුව, ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගෙන ඇත.
මෙම ගීය විශාරද යමුනා විනෝදනී මහත්මිය විසින් ද ගායනා කර ඇත.
No comments:
Post a Comment