ගියා... මා හැරා ...
දුක් ගිනී ..
දී අහෝ....ස්වාමී....
අයියෝ මා පෙර කළ පාපයක මහත
ආ මේ මොකද වුණේ රාණී
මට කතා කරන්ට පුළුවන්.
ඇවිදින්ට පුළුවන්
දුවන්ට පුළුවන්
සනීපයි රාණී
සනීපයි ?
සනීපයි සනීපයි දුකක් නෑ මේ ලෝකේ //
දුවන්ටා පනින්ටා
වැඩක් දැන් කරන්ටා
හැකි නේද ලෝකේ ...//
සනීපයි සනීපයි
සනීපයි ?
සනීපයි සනීපයි දුකක් නෑ මේ ලෝකේ
ඕ දුකේ අන්තයෙහී
සැපා ඒවි ලෝකේ
ජගත් නාථ ධර්මේ
ජගත් නාථ ධර්මේ
පෙනේ සක්සුදක් සේ
එදත් ස්වාමි මාගේ
අදත් ස්වාමි මාගේ
මගේ ස්වාමි මාගේ ...//
සනීපයි සනීපයි
සනීපයි ?
සනීපයි සනීපයි දුකක් නෑ මේ ලෝකේ
ගන්න ස්වාමී මා දුක සේ සෙවූ දෙයින් ඉතිරි කරගත් මේ මුදල් ගෙන දැන් වෙළඳාමක් කරන්න
ශ්‍රියා ධෛර්ය උත්සාහවන්තී සීදේවී
ලැබූ මා රජෙක්මයි එදා හා මෙදා හී ///
රාජා රාණී දෙන්නා
රාජා රාණී වෙඤ්ඤා ...//
දුකක් නෑ මේ ලෝකේ
සනීපයි සනීපයි
දුකක් නෑ මේ ලෝකේ ...//
(වෑහෙන සිනා...)
ගායනය - ජේ.සී.කේ. රූපාවතී සමග බී.එච්. ද සිල්වා
පද - සිරිසේන විමලවීර
1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.
තනුව ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගත්තකි.
No comments:
Post a Comment