කෝ නුඹලා කොහේ ද?
ස්වාමිනී
දරු දෙදෙනා කෝ
දේවියනි, ශෝක නොවන්න
සාරාසංඛෙයිය කල්ප ලක්ෂයක් පුරා
මා විසින් පුරන ලද
දස පාරමී දම් සම්පූර්ණ කර
මතු බුදු බව ලබන අභිලාෂයෙන්
දරු දෙදෙනා ජූජක නම් බමුණාට දන් දුනෙමි.
කෝ මාගෙ දරුවෝ කොයිදෝ ගියේ
අයියෝ කොයිදෝ ගියේ
අයියෝ
කෝ මාගෙ දරුවෝ කොයිදෝ ගියේ
අයියෝ කොයිදෝ ගියේ
අයියෝ
කෝ මාගෙ දරුවෝ
මා පණ සේ රැක ආදරයෙනි වැඩූ
මා පණ සේ රැක ආදරයෙනි වැඩූ
ඒ සුරතල් දරු ජාලිය ක්‍රිෂ්ණජිනා
හා
කෝ මාගෙ දරුවෝ කොයිදෝ ගියේ
අයියෝ කොයිදෝ ගියේ
අයියෝ
කෝ මාගෙ දරුවෝ
වනයේ හැසිරෙන වන සිව්පාවුනි
දාර උරග නයි වලසුනි පිඹුරනි
අහසේ පියාඹන කුරුලු කොබෙයියනි
දුටුවද මාගේ දරු දෙදෙනා
ජාලිය ක්‍රිෂ්ණජිනා ආ...
කෝ මාගෙ දරුවෝ කොයිදෝ ගියේ
අයියෝ කොයිදෝ ගියේජී.එස්.බී. රාණී
අයියෝ
කෝ මාගෙ දරුවෝ
ගායනය - ජී.එස්.බී. රාණී පෙරේරා
පද - ආනන්ද සමරකෝන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1956 දී තිරගතවූ "දුප්පතාගේ දුක" චිත්‍රපටියේ ගීයකි.
සිනමා පටයේ වන දෙබස්
තනුව ස්වතන්ත්‍ර ද අනුකරණයක් ද යන්න තහවුරු කර ගත නොහේ.
No comments:
Post a Comment