Saturday, February 28, 2026

"දුප්පතාගේ දුක" චිත්‍රපටියේ ගීත



වික්‍ටර් හියුගෝ රචනා කරන ලද සුප්‍රකට "Les Miserrables" නමැති ප්‍රංශ නවකතාව ඇසරු කර ඉන්දියාවේ නිෂ්පාදනය වුණා Ezhai Padum Padu යන දමිළ චිත්‍රපටිය.

එය 1950 නොවැම්බරයේ තිරගත වුණා.

එම දෙමළ චිත්‍රපටය හා 1955 දී භාරතයේ තිරගතවූ Kundan හින්දි චිත්‍රපටියද ඇසුරු කර ගනිමින් නිෂ්පාදනය කළ සිංහල චිත්‍රපටියයි, "දුප්පතාගේ දුක".

1956 අගෝස්තු 10 වැනිදා මහජන ප්‍රදර්ශනයට නිකුත් වූ මේ චිත්‍රපටිය, සිංහල සිනමා වංශකථාවේ 36 වැනි ඇසි-දිසි (කතානාද) චිත්‍රපටියයි.


"දුප්පතාගේ දුක" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු සුපුරුදු පරිදි ඔබ වෙත ගෙන එන්නෙ, 'සරසවිය' කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.


මා ඔබ වෙත ගෙන එන්නේ "දුප්පතාගේ දුක" චිත්‍රපටියේ ඇතුළත්වූ ගීත සමුච්ඡයයි.


මෙහි ඇතුළත් හැම ගීයක්ම කේවල පලකිරීමක් ලෙස "ගී අරණ" අඩවියේ ස්ථාපිතයි. ගීයේ 'නාමය' (Title) මත ක්ලික් කිරීමෙන් එකී කේවල පලකිරීමට යොමු විය හැකියි. වැඩිමනත් තොරතුරු සමග ගී රස විඳිය හැකියි එසේ "ගී අරණ" අඩවියට පිවිසීමෙන්.


1. චන්ද්‍රාකාන්තී සාගරේ


ගායනය - ජි.එස්.බී. රාණි පෙරේරා

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - රවි ශන්කර්

සංගීත අධ්‍යක්ෂණය - එස්. දක්ෂිණමූර්ති

1956 දී තිරගතවූ "දුප්පතාගේ දුක" චිත්‍රපටියේ අඩංගු වූ ගීයකි.

1955 දී භාරතයේ තිරගතවූ "වචන්" චිත්‍රපටියේ එන "චන්දා මාමා දූරකේ" ගීයේ තනුවට නිර්මානය වී ඇත. ආශා බෝං)ස්ලේ ගැයූ එහි සංගීත අධ්‍යක්ෂ වරයා වූයේ රවි ශන්කර්ය.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Chanda Mama Door Ke
Singer - Asha Bhosle
Lyricist - Prem Dhawan
Music Composer - Ravi Shankar Sharma
Movie - Vachan (1955)




ගායනය - මොහිදීන් බෙග්

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - ගුලාම් මොහොමඩ්

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1956 දී තිරගතවූ "දුප්පතාගේ දුක" චිත්‍රපටියේ ගීයකි.


තනුව උපුටා ගෙන ඇත්තේ 1955 භාරතයේ තිරගතවූ Kundan චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ Hosh Men Aa O Murakh Bande යන ගීයෙනි.



හින්දි ගීතය

Song - Hosh Men Aa O Murakh Bande

Singer - Manna Dey

Lyrics - Shakeel Badayuni

Music Composer - Ghulam Mohammad

Movie - Kundan (1955)





ගායනය - ලතා වල්පොල මග ඩොමී ජයවර්ධන
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1955 දී තිරගතවූ "Kundan" චිත්‍රපටියට, සුධා මල්හෝත්‍රා සහ ශිව් දයාල් භාතිෂ් ගැයූ, "Aao Hamare Hotel Mein" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Aao hamare hotel mein
Singers - S.D. Batish, Sudha Malhotra
Lyricist - Shakeel Badayuni
Composer - Ghulam Mohammad



4. වෙසතුරු මහ රජිඳා

ගායනය - මොහිදීන් බෙග්

පද - ආනන්ද සමරකෝන්

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


ස්වතන්ත්‍ර තනුවක්ද, හින්දි හෝ දමිළ ගීයක තනුවක්ද යන්න අවිනිශ්චිතයි.





ගායනය - ජී.එස්.බී. රාණී පෙරේරා

පද - ආනන්ද සමරකෝන්

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1956 දී තිරගතවූ "දුප්පතාගේ දුක" චිත්‍රපටියේ ගීයකි.


සිනමා පටයේ වන දෙබස්


තනුව ස්වතන්ත්‍ර ද අනුකරණයක් ද යන්න තහවුරු කර ගත නොහේ.





ගායනය - ලතා වල්පොල සහ පිරිස
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1956 දී තිරගතවූ "දුප්පතාගේ දුක" චිත්‍රපටියේ ගීයකි.

1955 දී තිරගතවූ "Shree 420" චිත්‍රපටියට, මුකේෂ් සහ ලතා මංගෙස්කාර් ගැයූ, "Ichak Daana Bichak Daana" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Song - Ichak dana bichak dana
Singers - Mukesh & Lata Mangeshkar
Lyricist - Hasrat Jaipuri
Composer - Shankar Jaikishan
Movie - Shree 420 (1955)




ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - ඕ.පී. නයියාර්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1955 දී තිරගතවූ "Baap Re Baap" චිත්‍රපටියට ආශා බෝස්ලේ ගැයූ "Ab yeh bata jaayen kahan" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Song - Ab yeh bata jaayen kahan
Singer - Asha Bhosle
Lyricist - Jan Nisar Akhtar
Composer - Omkar Prasad Nayyar
Movie - Baap Re Baap (1955)




ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1955 දී භාරතයේ තිරගතවූ "Shree 420" චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ "Dil ka haal sune dilwala" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

(මෙම තනුවට ම නිර්මාණය වූ තවත් ගී දෙකක්, 1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියටත්, 1957 දී තිරගතවූ "සිරකරුවා" චිත්‍රපටියටත් ඇතුළත් වුණා.)



හින්දි ගීතය

Song - Dil ka haal sune dilwala
Singer - Manna Dey (Prabodh Chandra Dey)
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie - Shree 420 (1955)




ගායනය - ලතා වල්පොල
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1955 දී තිරගතවූ "Milap" චිත්‍රපටියට, ගීතා දත් ගැයූ, "Jaate Ho To Haao Par Jaaoge Kahan" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Song - jaate ho to jaao par jaaoge kahaan
Singer - Geeta Dutt
Lyricist - Sahir Ludhianvi
Composer - N. Dutta
Movie - Milaap (1955)




ගායනය - ලතා වල්පොල සහ එස්. දක්ෂිණමූර්ති
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1956 දී තිරගතවූ "දුප්පතාගේ දුක" චිත්‍රපටියේ ගීයකි.

1955 දී තිරගතවූ "House No. 44" චිත්‍රපටියට, හේමන්ත් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගැයූ, "Peeche Peeche Aakar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Song - Peeche Peeche Aakar
Sung by - Lata Mangeshkar & Hemant Kumar
Lyricist - Sahir Ludhianvi
Movie - House No. 44 (1955)
Music & composed By - Sachin Dev Burman




ගායනය - ලතා වල්පොල
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

තනුව උපුටා ගැනීමකි.


"දුප්පතාගේ දුක" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව.
ඉදිරිපත්කරන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.
එතුමාට ස්තුතිය පලකරන්නේ කෘතඥතාව ද සමගයි.

No comments: