Tuesday, February 24, 2026

දොයි දොයි දොයි පුත

දොයි දොයි දොයි පුත
කෝමල මා පුත

රං කිරි බීලා දොයි දොයියා

හා.. දොයි දොයියා


මා ලැබු සම්පත

මා ප්‍රිය රන්කඳ

පුංචි පුතා මා රන් කැටියා

හා... රන් කැටියා


රෑ හඳ මාමා ලක්ෂණ වීලා

රෑ හඳ මාමා ලක්ෂණ වීලා

කිරි පැණි පුරවා ඒවි සොයාලා

කිරි පැණි පුරවා ඒවි සොයාලා


මා ලැබු සම්පත

මා ප්‍රිය රන්කඳ

පුංචි පුතා මා රන් කැටියා

හා... රන් කැටියා


ජාතික ආලේ හා අභිමානේ

ජාතික ආලේ හා අභිමානේ

සිංහලයෙකු සේ පානු පුතා මා

සිංහලයෙකු සේ පානු පුතා මා


මා ලැබු සම්පත

මා ප්‍රිය රන්කඳ

පුංචි පුතා මා රන් කැටියා

හා... රන් කැටියා


සිංහල දීපේ සිංහල බාසේ

සිංහල දීපේ සිංහල බාසේ

නංවන විලසේ දිරි ගන් පුත මා

නංවන විලසේ දිරි ගන් පුත මා


දොයි දොයි දොයි පුත

කෝමල මා පුත

රං කිරි බීලා දොයි දොයියා

හා.. දොයි දොයියා


ගායනය - ග්‍රේස් ජයමාන්න

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තනුවකි.


No comments: