Tuesday, February 24, 2026

"දෛව විපාකය" චිත්‍රපටියේ ගීත



හොඳම සිංහල චිත්‍රපට කතාවට රු. 2000ක තෑග්ගක් පිරිනැමීමේ තරඟය’ක් ගැන ‘ජනතා’ පත්‍රය මගින් 1955 පෙබරවාරි මාසයේ ප්‍රවෘත්තියක් පළ වී තිබුණි. මේ මුදල් ත්‍යාගය සමඟ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ජයග්‍රාහී කෘතිය චිත්‍රපටගත කරන බවට ද ප්‍රතිඥාවක් දුන්නේය.

ඉන් මුල් තැනට තේරුණේ, සිසිර කුමාර මානික්කආරච්චි විසින් ලියන ලද ‘දෛව විපාකය’ කතාවයි.

එම කතාව ඇසුරෙන් බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කළ ඒ නමින් හැඳින්වුණ චිත්‍රපටය 1956 මැයි 27 වැනිදා තිරගත විය.

සිංහල චිත්‍රපටි වංශකථාවේ 35 වැනි ඇසිදිසි (කතානාද) සිනමා කෘතියයි "දෛව විපාකය".

චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝවක් මෙම පලකිරීමේ අග ඉදිරිපත් කරන නිසා, චිත්‍රපටියේ ගීත වෙත කෙලින්ම යොමුවෙමු.

සටහන :-

පහත එක එකක් ගීය පිළිබඳ වඩාත් විස්තර හා තොරතුරු ඇතුළත් වන්නේ, "ගී අරණ" අඩවියේ ඇති එකී ගීයේ කේවල පලකිරීම තුළයි.

එම කේවල පලකිරීම ට යොමුවෙන්න පුළුවන්, ගීයේ "නාමය" (Title) මත ක්ලික් කිරීමෙන්. (ලා රතු පැහැයෙන් 'නාමය' වර්ණ ගන්වා ඇත)

1. දොයි දොයි දොයි පුත

ගායනය - ග්‍රේස් ජයමාන්න

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.

හින්දි හෝ දමිළ ගී තනුවකි.




ගායනය - මේබල් බ්ලයිත්

පද - ඒ.ජේ. ද සොයිසා

තනුව - ශන්කර් ජායිකිෂන්

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.


19556 දී භාරතයේ තිරගතවූ "Shree 420" චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ "Dil ka haal sune dilwala" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

(මෙම තනුවට ම නිර්මාණය වූ තවත් ගී දෙකක්, 1956 දී තිරගතවූ "දුප්පතාගෙ දුක" චිත්‍රපටියටත්, 1957 දී තිරගතවූ "සිරකරුවා" චිත්‍රපටියටත් ඇතුළත් වුණා.)



හින්දි ගීතය

Song - Dil ka haal sune dilwala
Singer - Manna Dey (Prabodh Chandra Dey)
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie - Shree 420 (1955)




ගායනය - ෂර්ලි බ්ලයිත්
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - වසන්ත් දේසායි
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1956 වසරේ තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.



තනුව උපුටා ගත් හින්දි ගීතය


මෙම ගී තනුවටම වූ ගීයක් 1956 වසරේ තිරගතවූ Aasai නම් දමිළ චිත්‍රපටියට ද ඇතුළත් වුණා. 
ගීතය ගැයුවේ ජික්කි සමග ඒ.එම්. රාජා

මෙන්න එම දමිළ ගීය

Song - Aasai Pongum Azhagu Roopam
Singers - A.M. Raja and Jikki
Music - TR Papa and the 
Lyricist - Udumalai Narayana Kavi, A Maruthakasi and KP Kamatchisundaram



ගායනය - ෂර්ලි බ්ලයිත්
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - සී. රාමචන්ද්‍ර (හින්දි ගීයේ සංගීත අධ්‍යක්ෂක)
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.

1954 දී භාරතයේ තිරගතවූ "Meenar" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Mehandi lagi thi mere haath" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Mehandi lagi thi mere haath
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Music - Ramchandra Narhar Chitalkar (C. Ramchandra)




ගායනය - ෂර්ලි බ්ලයිත් සමග මොහිදීන් බෙග්
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.

1955 දී භාරතයේ තිරගතවූ "Shree 420" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගායනා කළ "Ramaiya Vastavaiya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Song - Ramaiya vastavaiya
Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Composer - Shankar Jaikishan ( Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie - Shree 420 (1955)


6. සුරතලියේ සුකොමලියේ

ගායනය - ෂර්ලි බ්ලයිත් සමග මොහිදීන් බෙග්
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - කයියාම්
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.

1953 දී භාරතයේ තිරගතවූ "Footpath" චිත්‍රපටියට ප්‍රේම්ලතා සමග තලාත් මෙහෙමූද් ගායනා කළ "Thandee pawan chale" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇති බව වාර්තා වල ඇතත්, මේ ගීයේ වැඩිමනත් තොරතුරු සඟවා ඇති බවක් නිරීක්ෂණය වේ. (IMDb හී හෝ පිළිගත් ජාත්‍යාන්තර සිනමා දත්ත ගබඩාවන් හී තොරතුරු නැත. මෙම චිත්‍රපටියේ වීඩියෝව මා සතුව ඇතත් එහි කිසිදු තැනක මෙම ගීය හමු නොවේ. කිසියම් වාරණ නියෝගයක් මත ඉවත් කර ඇති බව හැඟේ.)



හින්දි ගීතය

Song - Thandee pawan chale
Singers - Premlata & Talat Mahmood
Lyricists - Ali Sardar Jafri/Majrooh Sultanpuri
Composer: (Khaiyyam) Mohammed Zahur Khayyam Hashmi
Movie - Footpath (1953)

ගීයේ සිනමා රූප රාමු නැත. (දිලිප් කුමාර් සහ මීනා කුමාරි දර්ශන වල වූහ)


7. සුදෝ සුදු රන්

ගායනය - මොහිදීන් බෙග්
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.

1954 දී භාරතයේ තිරගතවූ "Badshah" චිත්‍රපටියට හේමන්ත් කුමාර් ගායනා කළ "Rula Kar Chal Diye Ek Din" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Song - Rula kar chal diye ik din
Singer - Hemant Kumar
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Composer: Shankar/Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie - Badshah (1954)


8. චිත්‍රපටියේ ශිල්පී නාමාවලිය තිරයේ දිග හැරදේදී ඒ හා පසුබිමින් ඇසෙන ගීය.

ජාතික කලා රසේ 

මෙම ගීයේ ශ්‍රව්‍ය හඬ ගබඩා කර ගැනීමක් හමු නොවේ.

පදමාලාව පමණක් ඇත.

දෛව විපාකය චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුර ඇතුළත් වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ "සරසවිය" හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.
එතුමාට මගේ ස්තුති පූර්වක කෘතඥතාව පුද කරමි.

No comments: