සැමදාම කඳුළෙන්ය ජීවේ ගෙවන්නේ .. //
මේ කෲර ලෝකේ...
අම්මා නැතීවීය බාලේදි මාගේ
තනිවීය මා ඉන් මෙසේ ශෝක වේගේ ..(හහ් හහ්
අම්මා නැතීවීය බාලේදි මාගේ
තනිවීය මා ඉන් මෙසේ ශෝක වේගේ ..
කරුණාව මට නෑ අහෝ ලෝකයාගේ
සැමදාම කඳුළෙන්ය ජීවේ ගෙවන්නේ
මේ කෲර ලෝකේ...
දඟ ගේක වධ මා දිවා රෑ විඳින්නේ
අවිනීති බලපා ඇඟේ ලේ හලන්නේ ..((ඉහ් ඉහ්
දඟ ගේක වධ මා දිවා රෑ විඳින්නේ
අවිනීති බලපා ඇඟේ ලේ හළන්නේ ..
කවදාද සැපතා අනේ මා ලබන්නේ
සැමදාම කඳුළෙන්ය ජීවේ ගෙවන්නේ
මේ කෲර ලෝකේ...
කරුමේ නිසා පූරුවේ පව් ගෙවන්නේ
උරුමේ තමා අසරණ වී උපන්නේ ..(හහ්හ් හහ්හ්
මොනවා කරම්දෝ අනේ මා නොදන්නේ
සැමදාම කඳුළෙන්ය ජීවේ ගෙවන්නේ
මේ කෲර ලෝකේහි ඇයි මා උපන්නේ
සැමදාම කඳුළෙන්ය ජීවේ ගෙවන්නේ
මේ කෲර ලෝකේ...
ගායනය - රුක්මණී දේවි
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය - හර්බට් එම්. සෙනෙවිරත්න
1957 දී තිරගතවූ "සිරියලතා" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment