Saturday, March 21, 2026

"ශූරයා" චිත්‍රපටියේ ගීත



සිංහල සිනමා වංශකථාවේ 42 වැනි ඇසි-දිසි (කතානාද) චිත්‍රපටියයි "ශූරයා".

1957 මාර්තු 29 වැනිදා මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූ මේ චිත්‍රපටිය නිර්මානය වන්නේ 1955 දී භාරතයේ තිරගතවූ "ඩොන්ගා රාමඩු" නම් තෙළුගු චිත්‍රපටිය ඇසුරින්.

එකී තෙළුගු චිත්‍රපටිය දමිළ දෙබස් කවා "තිරුට්ටු රාමන්" නමින් ප්‍රදර්ශනය වුණා.

චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු මේ පලකිරීමේ අඩියේ වන වීඩියෝවේ ඇතුළත් වෙනවා.

එහෙයින් සිංහල චිත්‍රපටිය වූ "ශූරයා" හී ගීත වෙත ඔබව යොමු කරනවා.

සියළුම ගීත හින්දි හෝ ද්‍රවිඪ චිත්‍රපටි ගී තනු අනුව නිර්මානය වී තිබෙන්නෙ.

සියළුම ගී ඉතා ජනප්‍රිය වූවා.

සංගීත අධ්‍යක්ෂණය කළේ එස්. දක්ෂිණමූර්ති. ගීත ප්‍රබන්ධය දෙදෙනෙකු අතින් සිදුවුණා.

ඒ ඒ ගීතය යටතේ එම විස්තර දක්වා තිබෙනවා.

සටහන :-

මේ එක එකක් ගීයේ 'නාමය' මත ක්ලික් කිරීමෙන්, "ගී අරණ" අඩවියේ ඇති එකී ගීයක කේවල පලකිරීමට පිවිසිය හැකියි. ගීය පිළිබඳ වැඩිමනත් විස්තර ඇතුළත් වන්නේ එහි බව සඳහන් කරන්නේ ගී පිපාසය ඇති අය සඳහා.

1. හිතන්නකෝ අයියේ

ගායනය - ඉන්ද්‍රාණි සේනාරත්න (එවකට ඉන්ද්‍රාණි විජේබණ්ඩාර)
පද - කරුණාරත්න අබේසේකර
තනුව - Pendyala Nageswara Rao
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1957 දී තිරගතවූ "ශූරයා" සිංහල චිත්‍රපටියේ ගීයකි. මෙම චිත්‍රපටිය "Thiruttu Raman" දමිළ චිත්‍රපටිය ඇසුරෙන් නිර්මාණය වූවකි. මුල් චිත්‍රපටිය "Donga Ramudu" නම් තෙළිඟු චිත්‍රපටියයි.

1955 දී භාරතයේ තිරගතවූ "Donga Ramudu" තෙළිඟු චිත්‍රපටියට, පී. සුශීලා (P. Susheela) ගායනා කළ "Telisindaa Babu" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. මෙම චිත්‍රපටිය "Thiruttu Raman" නමින් දමිළ දෙබස් කවා නිෂ්පාදනය විය. එහි මෙම ගීය "Thrinjukko Baabu Ippove Thrinjukko Baabu" ලෙස ගයන්නේ ද පී. සුශීලා විසින්මය.


සිංහල ගීතයේ සිනමා දර්ශන


තෙළිඟු ගීය

Song - Telisindaa Babu
Singer - P. Susheela
Lyricist - Samudrala Sr.
Composer - Pendyala Nageswara Rao



දමිළ ගීය (තිරුට්ටු රාමන් චිත්‍රපටියේ)




ගායනය - ධර්මදාස වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ස්පාඤ්ඤ ජන ගීයකිනි.
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1957 දී තිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.

“සැනසිල්ල නැළවිල්ල මාගේ හිතේ“ ගීය 1956 දී භාරතයේ තිරගතවූ CID චිත්‍රපටියට, මොහොමඩ් රාෆි ගැයූ “Ai dil hai mushakil jeena yaha“ යන ගීයේ අනුකරණයකි.



හින්දි ගීතය

Song - Ai dil hai mushakil jeena yaha
Singers - Geeta Ghosh Roy Chowdhuri (Geeta Dutt), Mohammed Rafi
Lyricist - Majrooh Sultanpuri
Music Composer - Omkar Prasad Nayyar
Movie - C.I.D. (1956)


මෙම තනුවටම නිර්මානයවූ තවත් ගීයක් අඩංගු වෙනවා, Sabash Ramudu යන 1959 දී තිරගතවූ තෙළුගු චිත්‍රපටියේ.

මෙන්න තෙළුගු චිත්‍රපටි ගීය
Singers - Pithapuram Nageswara Rao & K. Jamuna Rani Lyricist - Sadasivabrahmam Music - Ghantasala



තෙළුගු චිත්‍රපටියට දමිළ දෙබස් කවා එය 1959 දී තිර ගත කරන්නට යෙදුණා. ඒ නිසා මේ තනුවට දමිළ ගීයක් ද එකතු වුණා.
දමිළ ගීය ගැයුවේ ජික්කි සමග එස්.සී. ක්‍රිෂ්නන්.



3. සුදා සුදා රෑ වුණා
ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
957 දී තදිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.
තනුව ද්‍රවිඪ ගීයකින් උපුටා ගත්තකි.

4. පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ
ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1956 දී තිරගතවූ "Ek Hi Raasta" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග හේමන්ත් කුමාර් ගැයූ, "Sanware Saloni Aayi Din Bahar Ke" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


තනුව උපුටා ගත් හින්දි ගීය
Song - Sanware Saloni Aayi Din Bahar Ke
Sung by - Hemant Kumar & Lata Mangeshkar
Lyricist - Majrooh Sultanpuri
Music & Composed by - Hemant Kumar
Film - Ek Hi Raasta (1956)



5. දිනේව ශ්‍රීයෙන් ලංකා මාතාවෝ

ගායනය - ජමුනා රාණි සහ පිරිස

පද - කේ. හියුගෝ ප්‍රනාන්දු

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.



6. දුප්පතාට කෝ සැප ලෝකේ
පද - කරුණාරත්න අබේසේකර


චිත්‍රපටිය - ශූරයා 1957
තනුව - පෙන්ඩියාලා නාගේෂවර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1955 දී තිරගතවූ Donga Ramudu නම් තෙළුගු චිත්‍රපටියට, Ghantasala Venkateswararao ගැයූ Cherasala Palainava නම් ගීයෙනි


තෙළුගු ගීය
Singer - Ghantasala (Ghantasala Venkateswararao)
Lyricist - Samudrala Sr. (Samudrala Raghavacharya)
Music composer - Pendyala Nageswara Rao


මේ තෙළුගු චිත්‍රපටිය, දමිළ බසින් දෙබස් කවා Thiruttu Raman නමින් 1956 දී තිරගත වුණා.
පහත ඇත්තේ ඉහත ගීයට අනුරූප දමිළ ගීයයි.


පද - කරුණාරත්න අබේසේකර


චිත්‍රපටිය - ශූරයා 1957
තනුව - පෙන්ඩියාලා නාගේෂවර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1955 දී තිරගතවූ Donga Ramudu නම් තෙළුගු චිත්‍රපටියට, Ghantasala Venkateswararao ගැයූ Cherasala Palainava නම් ගීයෙනි



තනුව උපුටා ගත් තෙළුගු ගීය

Song - Chigurakulao Chilakkamma

Lyricist - Samudrala Sr

Music Composer - Pendyala Nageswara Rao

Movie - Donga Ramadu (1955)




⁣"ඩොන්ගා රාමඩු" තෙළුගු චිත්‍රපටිය දමිළ බසින් දෙබස් කවා නිෂ්පාදනය වූ බැවින්, ඉහත ගීයට අනුරූප දමිළ ගීයක් ද තිබේ.

මෙන්න ඒ දමිළ ගීය

Song - Oo Siruchaalaiyil Or Kuyilamma

Lyricist - Kanaga Surabhi and Kannadasan (Muthiah Sathappan Chettiar)

Music Composer - Pendyala (Pendyala Nageswara Rao)

Movie - Thiruttu Raman (1956)





ගායනය - ජමුනා රාණි

පද - කේ. හියුගෝ ප්‍රනාන්දු

තනුව - මදන් මෝහන්

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1956 දී තිරගතවූ "Bhai Bhai" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Is Duniya Mein Sab Chor Chor" යන ගීයෙන් තනුව උපුටා⁣ ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

Song - Is Duniya Mein Sab Chor Chor

Singer - Lata Mangeshkar

Lyricist - Rajinder Krishan

Music Director - Madan Mohan

Movie - Bhai Bhai (1956)





ගායනය - ලතා වල්පොල සහ එස්. දක්ෂිණමූර්ති
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.

1955 දී තිරගතවූ "Teerandaz" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ, "Yeh Hasin Sham" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



"ශූරයා" චිත්‍රපටියේ ඉහත ගීයේ සිනමා දර්ශන..


තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Yeh hasin shaam

Singer - Lata Mangeshkar

Lyricist - Rajendra Krishan

Music Composer - Ramchandra Narhar Chitalkar (C. Ramchandra)

Movie - Teerandaz (1955)



"ශූරයා" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අනුර ගුණරත්න මහතා.

No comments: