මෙ ලෝ තුල් (හා
සදා කල් (හෝ
ප්‍රභා පා
දිනේව ශ්‍රීයෙන් ලංකා මාතාවෝ
අපේ මෑණී
මේ ලෝකේ මල් රාණී
දිනේව ශ්‍රීයෙන් ලංකා මාතාවෝ
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
නා නා මල් මල් මාලා
වෙන් මේ පිදුම් ලබාලා
ඔබෙ දරු සනසනු සානුකම්පා පාලා
ලෝකේ යුද බිය
හා රෝ දුක බිය
සිඳ ශාන්ති දෙවා
සරු වැසි ඒවා
අටු කොටු පිරේවා
සාගත හාමත නැති නැති වේවා
ආගම් වාද භේද
ජාතී කුල මල
හැර දරු සමගිය වේවා
මධ්‍යස්ථ වී
ශ්‍රීමත් මෑණී
ලෝ සැමටා සාමේ පහදා දේවා
ලංකා ලංකා නාමේ
සේයාවක් වී ලෝ සාමේ
සෑමා දේසී නා නා වාසී
හද වැද රැව් දී
දීලා තුඩ තුඩ
ප්‍රීතී තුති ගොස
ලෝකාම්බරෙ දිලෙවා
නා නා මල් මල් මාලා
වෙන් මේ පිදුම් ලබාලා
ඔබෙ දරු සනසනු සානුකම්පා පාලා
ලෝකේ යුද බිය
හා රෝ දුක බිය
සිඳ ශාන්ති දෙවා
සැරදේවා
මේ ලංකා
ආ.. ආ....
ගායනය - ජමුනා රාණි සහ පිරිස
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.
No comments:
Post a Comment