Thursday, March 5, 2026

කදිම සතා ටිකිරි සුදා

මනමාලි සෝක වෙලා ..(ආආ 7ආආඅ ආ...)
ඈත එන පාර බලා ....

යමු හනික දුවලා ...(ආආ ආආඅ ආ.. 


කදිම සතා ටිකිරි සුදා

මගෙ හොඳ ගොන් වස්සා

මේ මගෙ හොඳ ගොන් වස්සා

බරබාගේ

ඇදලා කරනා මගෙ මුළු පවුලම රස්සා ..//


සෑමදාම සමගි වීල 

කිරි ද පැණි ද වාගෙ දෙන්න

කිරි ද පැණි ද වාගේ ...//


ජීවනේහි මග සොයන්ට

රෑ දවාලෙ මේ ලෙසේ

වෙහෙස වී දුක් විඳි පව් ගෙවා පූරුවේ


කදිම සතා ටිකිරි සුදා

මගෙ හොඳ ගොන් වස්සා

මේ මගෙ හොඳ ගොන් වස්සා

බරබාගේ

ඇදලා කරනා මගෙ මුළු පවුලම රස්සා


අහසෙ පාට අඳුරු වීල

වැස්ස ළඟම වාගෙ එන්න

වැස්ස ළඟම වාගේ ....//


ගමන තවත් දුරයි නේද

හනික යන්කො වේගයේ

ආදරී මග බලා ඇත අනේ සෝකයේ


කදිම සතා ටිකිරි සුදා

මගෙ හොඳ ගොන් වස්සා

මේ මගෙ හොඳ ගොන් වස්සා

බරබාගේ

ඇදලා කරනා මගෙ මුළු පවුලම රස්සා


මේක බොහොම නපුරු පාර

කඳු ද හෙල් ද ඇත්තෙ නෑර

කඳු ද හෙල් ද ඇත්තේ ....//


සීරුවෙන්ම යන්ට ඕන

දෙන්නගේ ම සමගියේ

නැති වී නම් පෙර පෙරළීලා

මාවතේ සැම නැසේ


කදිම සතා ටිකිරි සුදා

මගෙ හොඳ ගොන් වස්සා

මේ මගෙ හොඳ ගොන් වස්සා

බරබාගේ

ඇදලා කරනා මගෙ මුළු පවුලම රස්සා


ගායනය - ධර්මදාස වල්පොල

පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි


1956 දී තිරගතවූ රම්‍යලතා චිත්‍රපටියේ  ගීයකි.


No comments: