Friday, March 6, 2026

"රම්‍යලතා" චිත්‍රපටියේ ගීත



"රම්‍යලතා" 1956 දී තිරගතවූ සිංහල චිත්‍රපටියකි.
එය සිංහල සිනමා වංශකථාවේ 38 වැනි ඇසි-දිසි (කතානාද) චිත්‍රපටියයි.

1917 දී සරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍ය විසින් ලියන ලද "දේවදාස්" නවකථාව ඇසුරින් "දේවදාසු" චිත්‍රපටිය නිෂ්පාදනය කොට 1953 දී ප්‍රදර්ශනය කෙරුණා තෙළුගු බසින්.

අන්න ඒ තෙළුගු චිත්‍රපටියේ අකෘතියටම සිංහලෙන් නිෂ්පාදනය වූ චිත්‍රපටිය තමයි "රම්‍යලතා".

1956 නොවැම්බර් 25 වැනිදා එය ප්‍රදර්ශනය සඳහා නිකුත් වුණා.


මේ චිත්‍රපටිය පිළිබඳ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝවක් ඉදිරිපත් කරන නිසා, මා මෙහි පෙළගස්වන්නේ චිත්‍රපටියේ ඇතුළත්වූ ගී සමුච්ඡයයි.


කලින් සඳහන් කළ පරිදි, තෙළුගු චිත්‍රපටියම අනුගමනය කරමින් එම ආකෘතියටමයි "රම්‍යලතා" නිර්මානය වූයේ.

ගීත සියල්ලත් එයාකාරයෙන්ම අනුගමනය කර ඇතත්, එම තෙළුගු ගී තනුම කොපි කර නැහැ.

ඒ ආකෘතියටම එකී ගී තනු යම්තරමකට වෙනස් කොට හරි අපූරුවට සංගීතවත් කළේ පසු කලෙක අපේ රටේ සම්මානනීය පුරවැසියෙක් වූ රාමයියා මුත්තුසාමි සංගීතවේදියා.

ආර්. මුත්තුසාමි කීවම කවුද නොදන්නෙ.


හැම තෙළගු ගීයක්ම යම් තරමකට වෙනස්කමක් කොට සිංහල ගීයට තනුව නිර්මානය කර තිබෙනවා.


"ඕ ප්‍රේමසිරි" ගීය මට නම් තෙළුගු ගීයට වඩා හැඩයි.


ඔබේ දැනුවත් වීමට මා එම තෙළුගු ගී කිහිපයක් ද මෙහි ඉදිරිපත් කරනවා.

ඔබට වැටහෙයි මුත්තුසාමි මාස්ටර් හරි අපූරුවට සිංහල ගී තනු ටික නිර්මානය කොටඇති බව. කොපි කර නැහැ. එනමුත් ඒ ඒ තෙළගු ගීය පාදක කර ගනිමින් අනුරූප සිංහල ගීයේ තනුව නිමවා තිබෙනවා.


සටහන:-

හැම ගීයකම "නාමය" මත කෙටීමෙන් (ක්ලික් කිරීමෙන්) එකී ගීයේ කේවල පලකිරීමට පිවිසිය හැකියි. "ගී අරණ" අඩවිය තුළ ඇති ඒ කේවල පලකිරීම තුළ අදාල ගීය පිළිබඳ වැඩිමනත් විස්තර අන්තර්ගතයි.


මෙන්න "රම්‍යලතා" චිත්‍රපටියේ ගී ගොන්න.

සියළුම ගී වල පද රචනා කළේ ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු විසින්ය.

එලෙසම සියළුම ගී වල සංගීතය ආර්. මුත්තුසාමි වෙතිනි.


1. ප්‍රීතිය හර්දෙ පුරා


ගායනය - ලතා වල්පොල සහ පිරිස



ගීයේ සිනමා රූප රාමු


2. මග බල බලා

ගායනය - ධර්මදාස වල්පොල




ගායනය - ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල

1951 දී භාරතයේ තිරගවූ "අල්බේලා" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග චිට්ල්කාර් රාමචන්ද්‍ර ගායනා කළ "Dheere Se Aaja Re" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Singer - Lata Mangeshkar

Lyricist - Rajendra Krishan

Composed - C. Ramchandra  (Narhar Chitalkar Ramchandra)

Movie - Albela (1951)




4. පෙම් යාත්‍රාව තනා (මායා පෙම් ලොව)

ගායනය - ලතා වල්පොල


ගීයේ සිනමා රූප රාමු


මෙහි මා සඳහන් කළා "රම්‍යලතා" චිත්‍රපටිය නිෂ්පාදනය වූයේ මුළුමනින්ම "දේවදාසු" තෙළුගු චිත්‍රපටියේ ආකෘතියටම බව.

සිංහල චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළ ආර්. මුත්තුසාමි තෙළුගු ගී තනු එහෙමම කොපි කළේ නැහැ.
එතුමා තෙළුගු ගීය පාදක කරගෙන සිංහල ගීයට නව තනුවක් නිර්මානය කළා.

මෙන්න බලන්න, තෙළුගු චිත්‍රපටියේ අනුරූප ගීය...

ගායනය - කේ. රාණි

ගීය - Antha Bhranthi Yena




ගායනය - ධර්මදාස වල්පොල



තෙළුගු චිත්‍රපටියේ අනුරූප ගීතය..

Song - Chelitya Ledhu

Singers - Ghantasala & K. Rani




ගායනය - ලතා වල්පොල




මෙම ගීයේ අවස්ථා දෙකක් වේ.

මේ ළමා වියේ ගීයයි.

ගායනය - අඥාතයි


ළමා වියේ ගීයේ සිනමා රූප රාමු



තුරුණු වියේ ගීය

ගායනය - ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල

පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි




ගීයේ සිනමා රූප රාමු


මෙන්න තෙළුගු චිත්‍රපටිය වූ "Devadasu" හී ඇතුළත් වූ "O Devada" නමැති ගීය.
එම චිත්‍රපටියේ ද මේ ගීයේ අවස්ථා දෙකක් ඇත.

Singers - Ghantasala, Jikki
Music - C. R. Subburaman
Lyricist - Samudrala Senior



මෙන්න දමිළ චිත්‍රපටියේ අනුරූප ගීය

Music - CR Subburaman    

Lyricist - KD Santhanam 

Cast - A Nageshwara Rao, Savithri 

Director: Vedantam Raghavaiah

Release: 1953




තෙළුගු චිත්‍රපටියේ අනුරූප ළමා ගීය..




ගායනය - ධර්මදාස වල්පොල




ගායනය - ලතා වල්පොල



10. කදිම සතා (මනමාලි සෝක වෙලා)

ගායනය - ධර්මදාස වල්පොල



"රම්‍යලතා" සිංහල චිත්‍රපටිය තැනුවේ 1953 නිෂ්පාදනය වූ Devadasu තෙළුගු චිත්‍රපටියේ ආකෘතියටම ඒ ⁣අනුසාරයෙන්ම බව මා කලින් ද සඳහන් කළා.

මම මේ පලකිරීම තුළ තෙළුගු චිත්‍රපටියේ හැම ගීයක් ම ඉදිරිපත් කරලා නෑ.
සිංහල ගීයේ තනුව නිර්මානයට යම් අදාලත්වයක් ඇති Devadasu තෙළුගු චිත්‍රපටියේ ගී පමණක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉහත "කදිම සතා" ගීයට අනුරූප තෙළුගු ගීය පමණක් ඔබේ රසවින්දනය හා දැනුවත් කිරීම උදෙසා ඉදිරිපත් කරනවා. 

මෙන්න ඒ Palleku Podam නම් ගීතය..

ගායනා ක⁣ළේ Ghantasala



"රම්‍යලතා" සිංහල චිත්‍රපටියේ ගී දෙකක් තැටියට නැඟුණේ නැහැ.
ඒවා නම්,
1. "ඕ ප්‍රේමසිරි" ළමා ගීය
2. "භූමිය මත සියළු සතටා"
මේ දෙවන ගීය ගායනා කළේ මුත්තුසාමි මාස්ටර්මයි.
ඒ ගීය ඔබේ ශ්‍රවණය පිණිස ඉදිරිපත් කරන්න හැකියාවක් නැත්තෙ, සංරක්ෂණය නොවී තිබීමයි.

සුපුරුදු පරිදි "රම්‍යලතා" චිත්‍රපටියේ ද නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඔබට ගෙන එන්නෙ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ, අරුණ ගුණරත්න මහතා.
එතුමාට මගේ ස්තුතිය.

No comments: