Thursday, March 5, 2026

හර්දෙ ඇයි මේ

හර්දෙ ඇයි මේ සෝක වෙන්නේ 
හර්දෙ ඇයි මේ සෝක වෙන්නේ 
සෑම දේ ලෝ අස්ථිරයි නේ

සෑම දේ ලෝ අස්ථිරයි නේ

සෝකයෙන් ඵල නෑ අනේ

හර්දෙ ඇයි මේ සෝක වෙන්නේ


සිතු දෙය නොමවේ

නොසිතූ දෙය ම වේ ....//

ලෝක ස්වභාවේ මේ ලෙසා වේ


ලෝක ස්වභාවේ මේ ලෙසා වේ

ප්‍රේමෙ ළත වී ඇයි තැවෙන්නේ

නාස්ති වේවී ජීවිතේ


හර්දෙ ඇයි මේ සෝක වෙන්නේ


නොලැබෙන දෙයෙහී  සිත ආසා වී

නොලැබෙන දෙයෙහී  සිත ආසා වී

කුමකට ද හඬණා සෝකයේනී


කුමකට ද හඬණා සෝකයේනී

ඉවසනු සැනසීම දේවී

ඉන් සදා ප්‍රීතී සැදේවී


හර්දෙ ඇයි මේ සෝක වෙන්නේ

සෑම දේ ලෝ අස්ථිරයි නේ

සෑම දේ ලෝ අස්ථිරයි නේ

සෝකයෙන් ඵල නෑ අනේ

හර්දෙ ඇයි මේ සෝක වෙන්නේ


ගායනය - ධර්මදාස වල්පොල

පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි


1956 දී තිරගතවූ රම්‍යලතා චිත්‍රපටියේ  ගීයකි.


No comments: