Thursday, March 5, 2026

සංගීතයේ

සංගීතයේ 
සිරිඟර රසයේ

අනුරාගෙ ගීතෙ මේ ගයා ප්‍රීතියේ

නටමි තබල පාදේ


කිංකිණි නාදේ

තාලෙට මිහිරේ

සුර මෝහිනී ලෙසේ මෝහිනී ඔබේ

හර්දෙ මත් කරන්නේ

සංගීතයේ 


මල්සරා ද මේ ඉන්නේ

රති ප්‍රියාව නොබලන්නේ

කලකිරී ප්‍රේමයේ තැවී හර්දයේ

නැතේ මිහිර සංසාරේ...//

සංගීතයේ 


අම සැපේ මඟුල් ලෝකේ

නොම විඳා තරුණ කාලේ

අපි මහලු වූ කලේ නිශ්ඵලයි මෙ ජීවේ ...//

ඇයි තවත් මෙ පරමාදේ

එනු වහම මා වෙතේ

සදා ප්‍රේමෙ නැළවෙන්ට මාගෙ උකුළේ


සංගීතයේ 

සිරිඟර රසයේ

අනුරාගෙ ගීතෙ මේ ගයා ප්‍රීතියේ

නටමි තබල පාදේ


කිංකිණි නාදේ

තාලෙට මිහිරේ

සුර මෝහිනී ලෙසේ මෝහිනී ඔබේ

හර්දෙ මත් කරන්නේ

සංගීතයේ


ගායනය - ලතා වල්පොල

පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු

තනුව - ආර්. මුත්තුසාමි


No comments: