ඕ... ඔඔඔ ඕ... ප්‍රභාවතී
පාසැල් ගිහිල්ලා ගුරුතුමි රවටලා
කට්ටි පැනල එයි
ඕ........ප්‍රේමසිරී
පාසැල් ජීවිතේ හරි වස කරදරේ
හිර ගෙයක් වගෙයි
ඕ... ඔඔඔ ඕ... ප්‍රභාවතී
සෙල්ලම් කරන්ටා අප හට මේ වගේ
හැකි ද ඉඳන් පාසැල ඇතුළේ
මෝඩියේ..
කම්මැලි පාඩමෙන් වැඩක් නැතේ
සෙල්ලමටා එන්ට එපා ලෙල්ලම වෙනවා //
හොඳ නෑ ඔය හැටී නපුරුකම් එපා
ඕ... ප්‍රේමසිරී
ඕ... ප්‍රභාවතී
පණ්ඩිතකම් කියා ගුටි කන්නට එපා //
යමුකො කුරුලු කූඩු සොයාලා
ප්‍රීතියේ
සෙල්ලම් කරමු පැටව් අල්ලලා
පව් පුරවා ගන්ට එපා උන් ව අල්ලලා //
වැලිබත් උයමුකෝ දෙන්න එක් වෙලා
ඕ.. . නපුරු ප්‍රේමසිරි
ඕ.. . හැකර ප්‍රභාවතී
ගායනය - අඥාතයි
පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1956 දී තිරගතවූ රම්‍යලතා චිත්‍රපටියේ ගීයකි.
"රම්‍යලතා" චිත්‍රපටිය ට පාදක වූ "දේවදාස්" කතාව ඇසුරු කොට නිමැවූ චිත්‍රපටි රැසක් වේ.
ඒ අතුරින් "රම්‍යලතා" නිර්මානය වන්නේ තෙළුගු චිත්‍රපටිය වන "Devadasu" සිනමා කෘතියට අනුවයි.
එම චිත්‍රපටියට Ghantasala සහ Jikki ගායනා කළ "O Devada" යන ගීතය මෙහි ඉදිරිපත් කරන්නේ ඔබව දැනුවත් කරන්නයි.
කිසිසේත්ම ඉහත ගීයේ තනුව, "ඕ ප්‍රේමසිරි" ගීතය සඳහා යොදාගත්තේ නැත.
එහෙත් එම ගීයේ ආකෘතිය හා ඇතැම් නාද මාලා පාදක කරගෙන මුත්තුසාමි මාස්ටර් ඒ තෙළුගු ගීයට වඩා හැඩ ගීයක් නිර්මානය කර ඇති බව පැහැදිලිය.
මේ ලක්ෂණය මා මුත්තුසාමි මාස්ටර්ගේ තවත් නිර්මාන තුළින් දැක තිබේ. එතුමාට දකුණු ඉන්දීය සංගීත ආරවල් සම්බන්ධයෙන් පුළුල්වූ පරිචයක් තිබුණි. ඒ නිසා තෙළුගු, කන්නඩ, මලයාලම් හා දමිළ ගී තනු කෙලින්ම අනුකරණය නොකර ඒවායේ සාරය ගෙන වෙනස් නිර්මානයක් කරන්නට මුත්තුසාමි මාස්ටර්ට ප්‍රභාමත් හැකියාවක් තිබුණු බවට, එතුමා තැණූ සිංහල ගී කිහිපයකම මම දැක ඇත්තෙමි.
(මේ ළමා වියේ ගීය තැටියට නැගී නැත.)
ඕ... ඔඔඔ..ඕ... ප්‍රේමසිරී
ඕ... ඔඔඔ ඕ... ප්‍රභාවතීැ
සතරින් නිපුණ වී
ගති ගුණ වෙනස් වී
සුද්දෙකූ වගෙයි (ඒ... එඒ...
ඕ........ප්‍රේමසිරී
රූපෙන් සපිරි වී
කුඹුරෙම යට වෙවී
කැළෑ හඳ වගෙයි
ඕ... ප්‍රභාවතී
පිටිසර කෙල්ලේ හැටියට අද රටේ //
ෆැෂන් කිසිත් දන්නෙම නැත්තේ
මෝඩියේ......
තවමත් කුස්සිය මුල්ලේමනේ
සෙල්ලමටා එන්ට එපා ලෙල්ලම වෙනවා //
හොඳ නෑ ඔය හැටී
දඟරකම් එපා..
ඕ.... ප්‍රේමසිරී
ඕ... ප්‍රභාවතී
පණ්ඩිතකම් කියා ගුටි කන්නට එපා //
යමුකො විලේ ඕළු නෙළාලා
මා ප්‍රියේ.....
ප්‍රේමේ මල් මාල ගොතන්ටා
බාලෙදි මේ බැන්ද සෙනේ ආවෙ මෝරලා //
පෙම් සැප විඳිමුකෝ
දෙන්නා එක් වෙලා
ඕ......දඟර ප්‍රේමසිරී
ඕ......කොමළ ප්‍රභාවතී
සතරින් නිපුණ වී
ගති ගුණ වෙනස් වී
සුද්දෙකු වගෙයි (ඒ... එඒ...
ඕ........ප්‍රේමසිරී
ඕ... ප්‍රභාවතී
ගායනය - ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල
පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
Music - C. R. Subburaman
Lyricist - Samudrala Senior
Music - CR Subburaman
Lyricist - KD Santhanam
Cast - A Nageshwara Rao, Savithri
Director: Vedantam Raghavaiah
Release: 1953

No comments:
Post a Comment