Thursday, March 5, 2026

මායා පෙම් ලොව



පෙම් යාත්‍රාව තනා පෙම් මුහුදේ
පා කෙරු මොහොතේ

රුවල කැඩී ගිලුණා ගැඹුරේහී


මායා පෙම් ලොව අන්ධකාරේ

තනි වී මං මුලා වී සෝකේ


මායා පෙම් ලොව අන්ධකාරේ

තනි වී මං මුලා වී


දිළිඳු මාගේ හර්දේ

ඇයි මේ ප්‍රේමෙ මැව්වේ


දිළිඳු මාගේ හර්දේ

ඇයි මේ ප්‍රේමෙ මැව්වේ


මෝරා බාල කාලේ //

වැඩුණා ස්ථීර ආලේ

වැනසීලා ගියේ අහෝ මා

දුගි වීලා ඉපදිලා

මායා පෙම් ලොව අන්ධකාරේ


ඔබගේ ප්‍රේම යහනේ

සැම දා ඉන්න සිතුවේ


ඔබගේ ප්‍රේම යහනේ

සැම දා ඉන්න සිතුවේ


නැග ආ ආල වේගේ //

තවමත් හර්දෙ ඇතිවේ

සැනසී මා ඉන්නෙ කොහොමා

අන් හිමිගේ තුරුලේහී


මායා පෙම් ලොව අන්ධකාරේ

තනි වී මං මුලා වී

හෝ...

මායා පෙම් ලොව අන්ධකාරේ

තනි වී මං මුලා වී


ගායනය - ලතා වල්පොල

පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි


1956 දී තිරගතවූ රම්‍යලතා චිත්‍රපටියේ ගීයකි.



ගීයේ සිනමා රූප රාමු



No comments: