Wednesday, April 1, 2026

හරිගියා පරමාර්ථෙ මාගේ

හරි ගියා පරමාර්ථෙ මාගේ
සැනසෙමී සැනසී සදා ...//

ප්‍රේම රජයේ රැජිණ කරමී //

සරණපාවා මා සුදා


හරි ගියා පරමාර්ථෙ මාගේ

සැනසෙමී සැනසී සදා


හා... හාආආ...

ආ ආ... ආ ආ ආ....


වැරදුණා මා සැමදේ කළ

ඝෝර දුක මට හිමි වුණා

ප්‍රේමයේ ඇති මීර බොන්නට

ප්‍රේමයේ ඇති මීර බොන්නට

ගොසින් දිවි අඳුරූ වුණා


අහො වේදනා ලයි වේදනා

අහො වේදනා ලයි වේදනා

ඉවසනූ බෑ වේදනා


ලබනෙමී කරුණාව ඈගේ

පෙන්නලා මුදලේ බලේ ...//


ඈගෙ තුරුලේ සුවය ලබමී //

සෑමදා මේ ලෝකයේ


ලබනෙමී කරුණාව ඈගේ

පෙන්නලා මුදලේ බලේ


හා... හාආආ...

ආ ආ... ආ ආ ආ....


පැරදුණා කළ ප්‍රේම සටනින්

හිමි වුණා හිරගේ අනේ

ඒ මහා අපරාධ හින්දා

ඒ මහා අපරාධ හින්දා

මේ අපා දුක හිමි වුණේ

(හ් හ්

අහො තනි වුණා මා රැවටුණා

අහො තනි වුණා මා රැවටුණා

ලෝකයේ මා තනිවුණා 

(හ්හ්.. හ්හ් හ්හ්


ගායනය - ලතා වල්පොල සමග මොහිදීන් බෙග්

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි


1957 දී තිරගතවූ "සිරියලතා" චිත්‍රපටියේ ගීයකි.



No comments: