Saturday, July 4, 2026

සංසාරේ දුකකි

ආලෝකේ නසිනා.... 
පළඟැටියා සේ .....

ඝෝර දුකේ ...

ඇයි මේ.. වැටුණේ ....

තණ්හාවේ ...


හොහ් හා..  


සංසාරේ දුකකී මායමකි

සංසාරෙ දුකකී මායමකි 

මායමකි අහො මායමකි

අනේ මායමකි


සංසාරෙ දුකකී මායමකි

සංසාරෙ දුකකී මායමකී


රෑ නැවතීලා උදය පිටත් වන //

අම්බලමකි මේ ලෝකෙ දුකකි මායමකි

අනේ මායමකි

සංසාර දුකකී මායමකී

සංසාර දුකකී මායමකී


මේ ලොව හැම දේ මරුවාගේ වේ

බද්දට අරගෙන මේ අපි ආවේ

මමය මගේ යැයි කිසිවක් නැතී වේ //

ආවා සේ තනිවී මැරෙනවා මායමකී

අනේ මායමකි


සංසාරෙ දුකකී මායමකි

සංසාරෙ දුකකී මායමකි

මායමකි

අහෝ මායමකි


සංසාරේ දුකකි මායමකි

අහෝ මායමකි

අනේ මායමකි ...//


ගායනය - මොහිදීන් බෙග්

පද - ඒ.ජේ. දද සොයිසා

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1958 දී තිරගතවූ "වනලිය" චිත්‍රපටියේ ගීයකි.

හින්දි හෝ දමිළ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


No comments: