මොකටද කාසි බාගෙ හොයා තියා //
යනකොට ගෙනියනවද අනේ ඔයා //
මොකටද කාසි බාගෙ හොයා තියා //
වෙනසක් අපේ නැතේ එයා කියා මෙයා කියා //
ජකෝලියා කරෝලියා පොරෝලියා
මොකටද කාසි බාගෙ හොයා තියා //
යනකොට ගෙනියනවද අනේ ඔයා //
මොකටද කාසි බාගෙ හොයා තියා //
මසුරා නොකා නොබී නිදා නාකි වී මැරී යනවා (අරේ වහුවා..
මසුරා නොකා නොබී නිදා නාකි වී මැරී යනවා (ආ හහ හා..
අපි මේ කකා බිබී නටා දැන් මළත් හිනා වෙනවා (ආ ආ ආ.... අආ... ආ...
(හා හහා..
අපි මේ කකා බිබී නටා දැන් මළත් හිනා වෙනවා (ආ ආ ආ.... අආ... ආ...
වෙනසක් අපේ නැතේ එයා කියා මෙයා කියා //
ජකෝලියා කරෝලියා පොරෝලියා
මොකටද කාසි බාගෙ හොයා තියා //
යනකොට ගෙනියනවද අනේ ඔයා //
මොකටද කාසි බාගෙ හොයා තියා //
(අත්පොළසන්)
හාවුන්ට මුවන්ට ගෝනුන්ට වෙඩි තියන්න යන්නා වාගේ
හෙමින් හෙමින් අ... අඅ... අ......අ..
මම ගේකට අඅ...
යන කලට ... අ.හ්හ් හ....
(අත්පොළසන්)
අන්දරේ මැරුණෙ නෑ
දැන් මෙහේ
ඉන්නවා
හොඳ හඬක් ඇහෙනවා
අන්දරේ මැරුණෙ නෑ
දැන් මෙහේ
ඉන්නවා
හොඳ හඬක් ඇහෙනවා
අන්දරේ මැරුණෙ නෑ
මැරුණෙ නෑ
මැරුණෙ නෑ
මැරුණෙ නෑ
(අත්පොළසන්)
පෝංග දොරේ පෝන්ගෝ
බෙරු ගණන් නොදා පෝන්ගෝ ...//
ඔලගුවේ දාර පිඹුරෝ
බැරි සිල් නොගනින් අබරෝ //
අනෙ පෝංග දොරේ පෝන්ගෝ
බෙරු ගණන් නොදා පෝන්ගෝ ...//
ඔලගුවේ දාර පිඹුරෝ
බැරි සිල් නොගනින් අබරෝ //
ලෝකේ පැද්දෙන පෙරළෙන කාලේ //
ඒකේ... පැද්දෙමු පෙරළෙමු රාලේ //
ඕ... ඕ........
මොකටද කාසි බාගෙ හොයා තියා //
යනකොට ගෙනියනවද අනේ ඔයා //
මොකටද කාසි බාගෙ හොයා තියා //
වෙනසක් අපේ නැතේ එයා කියා මෙයා කියා //
ජකෝලියා කරෝලියා පොරෝලියා
මොකටද කාසි බාගෙ හොයා තියා //
ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1958 දී තිරගතවූ "දෙයියන්නෙ රටේ" චිත්‍රපටියට නිමවූ ගීයකි.
ඒ සඳහා පහත චිත්‍රපටි ගී ඛණ්ඩ වල නාද මාලා ද යොදා ගෙන ඇත.
"Zindagi Khwaab Hai" - Mukesh (Jagte Raho, 1956)
"Vaanga Machan Vaanga" - P. Leela (Madurari Veeran, 1956)
No comments:
Post a Comment