Saturday, October 10, 2026

මා හද දෙදරා

කාලය යනවා

සෝකය එනවා

මේ ඔබ සිහිකර 

මා ළතවෙනවා


ආ ආ ආ ආ ආ.....


මා හද දෙදරා 

යාවිය පැලිලා

සෝකය තව තව 

වැඩි වී එනවා ....//


කෝ ඔබ කොතැනද 

ඇයි මා තනිකර

බෑ තව ඉන්නට 

පියෙ ඔබ නැතුවා


මල් පෙති පරවී 

කොළ දළු මැලවී ....//

වියළුණු ගස මෙන් මා වැලපෙනවා


ඔබ වෙනුවෙන් මා 

මේ කඳුළැලි බී

ස්ථිර ප්‍රේමය නිතර රකිනවා


ආ අආ... ආ...


මා හද දෙදරා 

යාවිය පැලිලා

සෝකය තව තව 

වැඩි වී එනවා


ආලය දෙදෙනෙකු අතරේ පමණයි

එනිසා ඔබ මාගෙයි මා ඔබගෙයි


මා ඔබ එනතුරු දිව රෑ දෙකෙහී //

ප්‍රේමය සිහිකර ගිනි උහුලනවා //


ආ ආ ආ ආ ආ


මා හද දෙදරා 

යාවිය පැලිලා

සෝකය තව තව 

වැඩි වී එනවා

සෝකය තව තව 

වැඩි වී එනවා


ගායනය - ලතා වලපොල

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්


1959 දී තිරගතවූ "සිහිනය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තනුවකි.


චිත්‍රපටියේ වූ ගීතයේ ඇතුල් වූ දුඹුරු පැහැයෙන් පෙන්වා ඇති පද මේ ඉදිරිපත් කර ඇති පසු ගායනයේ නැති බව කරුණාවෙන් සලකන්න.


No comments: