Saturday, October 10, 2026

මගේ ජීවේ මෙමා සිතුවේ

මගේ ජීවේ 

මෙමා සිතුවේ 

සදාකාලේ මගේ කියලා ...//


විපාකේ හැටි අනේ දෙවියනේ //


ලොවම එකසේ අන්ධකාරයි

නිමක් නැති සේ දුකින් පිරිලා 

කොහේ යම්දෝ කා බලම්දෝ 

ඵලක් නැතිවේ ඉතින් හඬලා 


මගේ පණ සේ රැකපු මාගේ //

මැණික උදුරා මා පෙළාලා 


අහෝ කවුරුදෝ 

අරං ඒ ගියේ 

මගේ ළය පෙළාලා කඩා දාලා 


මගේ ජීවේ 

මෙමා සිතුවේ 

සදාකාලේ මගේ කියලා


බලා සිටි දේ විනාසයි වුණේ 

ඉතින්  ඇයි අනේ මගේ ජීවේ 

දුකින් මා මේ 

වෙළිලා මැරෙයි දැන් මා


ගායනය - ලතා වලපොල

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්


1959 දී තිරගතවූ "සිහිනය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තනුවකි.


ශ්‍රවණ ගුණය දුර්වලයි. හොඳ තත්වයේ ගීයක් හමුවන තෙක් මේ ඉදිරිපත් කර ඇති ගීයෙන් සැනසෙන්න.


No comments: