Sunday, October 18, 2026

මාසෙ පෝය දා කළුවර වාගේ

මාසෙ පෝය දා .....


මාසෙ පෝය දා කළුවර වාගේ

සාගරේ ජලේ ලුණු රස වාගේ 

ස්ථීරයි මගෙ ආලය ප්‍රේමී 

ගිරවී මගේ 

එන්න ගීතේ ගයා


චාටු මාටුකම් (ම්.. ම්.....


චාටු මාටුකම් බොරුවට කියලා 

අලි කොටි දෙනවා යයි රවටාලා 

ලෝකේ පිරිමින් කවුරුත් වාගේ 

රවටයි අනේ ගෑණු 

චපලයි කියා


සෑම පිරිමි එක වාගේ නොමවේ


ජාති වීරයෙකි මා ඔබ හමුවේ 

දෙව්ලෝ ඉන්නා රම්බා වාගේ 

සම්පත් පුදා 

ප්‍රේමෙන් රකීමී ඔයා


මීරි තෙපුල් කිය කියා 

ගීත කොවුල් ගය ගයා 

මීරි තෙපුල් කිය කියා 


හඳයි ලපෙයි වෙන් නොම වී

දිලෙන ලෙසේ අම්බරේ 


ඔයයි මමයි තකට තකයි 

හරියට හරි ආදරේ


මීරි තෙපුල් කිය කියා 

ගීත කොවුල් ගය ගයා 

මීරි තෙපුල් කිය කියා


මාසෙ පෝය දා කළුවර වාගේ

සාගරේ ජලේ ලුණු රස වාගේ 

ස්ථීරයි මගෙ ආලය ප්‍රේමී 

ගිරවී මගේ 

එන්න ගීතේ ගයා


ගායනය - ඩොමී ජයවර්ධන සහ නිර්මලා

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්


1959 දී තිරගතවූ "සිහිනය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තනු ඇසුරිණි.




මේ ගීය නිර්මානයේදී 1954 දී තිරගතවූ Nastik හින්දි චිත්‍රපටියට, කවි ප්‍රදීප් ගායනා කළ "Kitna Badal Gaya Insan" යන ගීයේ තනුව ඇසුරු කරගත් බව පැහැදිලිය. එහෙත් එකී හින්දි ගීය මුළුමනින් අනුකරණය කිරීමක් නොවේ.

එම හින්දි ගීය අනුකරණය කර තැණූ සිංහල ගීය "අවිශ්වාසයක් සිත් හී මවාගෙන" යන ගීය ඇතුළත් වූයේ 1956 දී තිරගතවූ "දොස්තර" චිත්‍රපටියේ.


මා මේ ප්‍රකාශ කරන දේ විමසා බලන්න ඒ කී දොස්තර චිත්‍රපටියේ ගීයට එම ගීයේ නාමය මත ක්ලික් කර පිවිස බලන්න.)






No comments: