සිංහල චිත්රපටි ගීත ඔස්සේ අද මා ඔබ වෙත රැගෙන එන්නේ 62 වැනි සිංහල චිත්රපටිය වූ "සිහිනය" සිනමා කෘතියේ ඇතුළත් වූ ගීත.
මේ චිත්රපටියේ නිෂ්පාදන තොරතුරු මෙම පලකිරීමේ අග ඇති, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්රධාන කතෘ අරුණ ගුණරත්න මහතා ගෙන එන වීඩියෝවේ තිබෙන නිසා මා මෙතැන් නසිට ම යොමු වෙනවා "සිහිනය" චිත්රපටියේ ඇතුළත් වූ ගී වෙත.
චිත්රපටියේ සංගීත අධ්යක්ෂණය කළේ සී.එන්. පාණ්ඩුරංගන්. ගීත ප්රබන්ධ කළේ ඒ.ජේ. ද සොයිසා.
ගී 9 ක් ඇතුළත්ව තිබෙනවා. එක් ගීයක් (ලංකාව අපේ රටයි) තැටි ගත වෙලා නෑ.
අන්න එම ගීයත්, පද්මා නම් ගායිකාවක් විසින් ගයන ලද "හඳ පායා නීලාකාසේ" යන ගීයත් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නෑ. ඒ ගී දෙකේ සංරක්ෂිත හඬ ගබඩා කිරීමක් නොමැති නිසා.
මෙහි ඇතුළත් කර ඇති සියලුම ගී එක එකක් වෙන වෙනම තනි ගී පලකිරීම් ලෙස අඩවියේ ඇත. ගීය පිළිබඳ වඩාත් විස්තර ඇතුළත් වන්නේ එම කේවල පලකිරීම තුළයි. එයට පිවිසීමට ගීයේ නාමය මත ක්ලික් කරන්න.
මෙන්න චිත්රපටියේ අඩංගු වූ ගී.
1. ලංකාව අපේ රටයි.
තැටි ගතවී නැත.
2. මා හද දෙදරා
ගායනය - ලතා වලපොල
ගායනය - ඩොමී ජයවර්ධන, මෝහන් කුමාරි සහ පිරිස
[කාන්තා පිරිස, පුරුෂ පිරිස, සැවොම]
මේ ගීය නිර්මානයේදී 1954 දී තිරගතවූ Nastik හින්දි චිත්රපටියට, කවි ප්රදීප් ගායනා කළ "Kitna Badal Gaya Insan" යන ගීයේ තනුව ඇසුරු කරගත් බව පැහැදිලිය. එහෙත් එකී හින්දි ගීය මුළුමනින් අනුකරණය කිරීමක් නොවේ.
එම හින්දි ගීය අනුකරණය කර තැණූ සිංහල ගීය "අවිශ්වාසයක් සිත් හී මවාගෙන" යන ගීය ඇතුළත් වූයේ 1956 දී තිරගතවූ "දොස්තර" චිත්රපටියේ.
මා මේ ප්රකාශ කරන දේ විමසා බලන්න ඒ කී දොස්තර චිත්රපටියේ ගීයට එම ගීයේ නාමය මත ක්ලික් කර පිවිස බලන්න.)

No comments:
Post a Comment